“හැමදාම ගව මුත්‍රා බිව්වා, ඒ නිසා මට කොරෝනා නෑ”

ඉන්දියාවේ වෛද්‍යවරුන් විසින් කොරෝනා වෛරසය සඳහා කිසිදු අත් බෙහෙතක් හෝ වෛද්‍ය නිර්දේශයක් නොමැති කිසිදු ඖෂධයක් ජනතාවට ලබා ගන්න එපායැයි පවසමින් සිටින අවස්ථාවක ඉන්දියානු පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් “ගව මුත්‍රා පානය” ප්‍රවර්ධනය කරමින් සිටින බව වාර්තා වෙයි.

ඉන්දීය භාරතීය ජනතා පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන ප්‍රග්‍යා සිං තාකූර් විසින් මෙලෙස ගව මුත්‍රා පානය පිළිබඳව මෙලෙස ජනතාව අතර ප්‍රවර්ධනය කරමින් සිටියි.

මන්ත්‍රීවරිය විසින් අද (17) දිනයේ සහභාගී වු රැස්වීමක් අතර එම ස්ථානයට රැස්ව සිටි ජනතාව අමතමින් ඇය කියා තිබුණේ “අපි ඉන්දියානු ගවයන්ගේ මුත්‍රා පානය කළහොත් අපේ පෙනහළුවලට ආසාදනය ඇති වෙන්නේ නැහැ.මම සෑම දිනකම ගව මුත්‍රා පානය කරමි. ඒ නිසා තමයි මට දැන් කෝවිඩ් නැත්තේ..” යනුවෙනි.

ඇය මේ බව ක්‍රියා තිබුණේ රෝහලකට ඔක්සිජන් ටැංකි 25ක් ලබාදීමට පැමිණි අවස්ථාවේ වන අතර සෞඛ්‍යාරක්ෂිත බව වෙනුවෙන් මුව ආවරණයක් පළඳින්නට යැයි උපදෙස් ලබාදී තිබුණද ඇය එය පිළිපැඳ නොතිබුණි.

ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබුණේ  ප්‍රග්‍යා සිං තාකූර්ගේ  ප්‍රදේශය නියෝජනය කරන අනෙකුත් මන්ත්‍රීවරුන් කොරෝනා වෛරසය මර්දනය කිරීමේ වැඩපිළිවෙළට දායක වී සිටියත් මන්ත්‍රීවරිය පිළිබඳව කිසිදු තොරතුරක් සොයා ගැනීමට නොහැකි වු බවයි.

මීට පෙර භාරතීය ජනතා පක්ෂයේම තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සුරේන්ද්‍ර සිං විසින් ජනතාව අතර ගව මුත්‍රා පානය කිරීම ප්‍රචලිත කිරීමේ යෙදී සිට තිබුණි. ඔහු විසින් විශේෂ වට්ටෝරුවක් සාදා ප්‍රසිද්ධියේ පානය කිරීමද කර තිබුණි.

ඉන්දියාව තුළ ගොම ශරීරයේ ආලේපනය කිරීම සහ ගව මුත්‍රා පානය එක්වරම ප්‍රචලිත වූ අතර වෛද්‍යවරුන් එය පාලනය කිරීම සඳහා දැඩි වෙහෙසක් දරා තිබුණි. ඉන්දීය වෛද්‍ය සංගමයේ ජාතික සභාපති වෛද්‍ය ජේ.ඒ ජයලාල් විසින් රෝයිටර් පුවත් සේවයට පවසා තිබුණේ කොවිඩ් -19 ට එරෙහිව ප්‍රතිශක්තිය ඉහළ නැංවීම සඳහා ගොම හෝ මුත්‍රා ක්‍රියා කරන බවට ස්ථිර විද්‍යාත්මක සාක්ෂි කිසිම අවස්ථාවක හමු නොවී ඇති බවයි. එමෙන්ම  එය මුළුමනින්ම විශ්වාසය මත පදනම් වූවක් බවද හෙතෙම පවසා තිබුණි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.21
00:00
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46
Video thumbnail
සොයිසාපුර වෙ# තැබීම දුටු සේවකයෙක් හෙළිකළ දේ - "මහත්තයට දුවාගන්න බැරිවුණා..දුවනකොට වැදුණා"
02:21
Video thumbnail
භික්ෂු විරෝධතාවය මහසොන් දේවතාව ගෙන්නයි - මිනිස්සුන්ට බැරි වැඩ අදෘශ්‍යමාන බලවේගවලින් කරවනවා
05:44
Video thumbnail
මේ ඉන්නේ දුටුගැමුණු රජතුමාගේ අම්මගේ භූමියේ - බුදු රජාණන්වහන්සේ දුන්න චීවරය අනුරට ගලවන්න අයිතියක් නෑ
06:09