ටිපර් රථයකට පොලිසියෙන් වෙඩි

අනවසරයෙන් වැලි පටවාගෙන ගිය ටිපර් රථයක රෝදවලට වෙඩි තබා, එම රථය නවත්වා ඊයේ (20) අත්අඩංගුවට ගත් බව
යාපනය කොඩිකාමම් පොලිසිය පවසනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ කොඩිකාමම්, වරණි ප්‍රදේශයේ දී මෙම රථය පොලිස් භාරයට ගත් බවයි.

යාපනය – පලෙයි ප්‍රදේශයේ සිට අනවසරයෙන් වැලි ප්‍රවාහනය කළ ටිපර් රථයක් නවත්වන ලෙසට පොලිස් නිලධාරීන් සිදුකළ අණ කිරීමක් නොතකා ධාවනය කළ ටිපර් රථයක රෝදවලට මෙලෙස වෙඩි තැබීමට සිදු වූ බව පොලිසිය පවසනවා.

පොලිස් නිලධාරීන් අවස්ථා දෙකකදී අණ නොතකා ධාවනය කළ ටිපර් රථය නවත්වන ලෙසට නියෝග කර තිබුණ ද, ටිපර් රථ රියදුරු පොලිස් අණ නොතකා ධාවනය කර ඇති බවයි වාර්තා වන්නේ.

පොලිස් වෙඩි තැබීම් හමුවේ ටිපර් රථය නැවතුණ ද සැකකරුවන් පලා ගොස් තිබෙනවා.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ක්‍රියාත්මක අතර අත්අඩංගුවට ගත් ටිපර් රථය යාපනය, චාවකච්චේරි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රණවිරුවන් ගැන අරුණ පාර්ලිමේන්තුවේදි කට අරියි - රණවිරු ප්‍රජාව වෙනුවෙන් අපි හැමදාම ඉන්නවා
06:11
Video thumbnail
ගම්මන්පිල තලපති විජේට අභියෝග කරයි - ලංකාව බයිට් එකට ගන්න එපා
02:15
Video thumbnail
මහින්ද නැති රණවිරු සැමරුම් මනමාලි නැති මඟුලක් වගේ
09:54
Video thumbnail
ටිල්වින්ගේ අභද්‍ර වචනය ගැන ගල් අඟුරු කොමිසමට පැමිණිල්ලක්..ලොකු හොරුන්ට නීතිය වෙනස් විදියක්ද ?
08:55
Video thumbnail
විජයග්‍රහණයේ අභිමානවත් 17 වන සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් සජීවීව
00:00
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.05.19
00:00
Video thumbnail
බේරුවල උණුසුම් තත්ත්වයක් - වෙළඳුන් පාරට බහී
04:54
Video thumbnail
රණවිරු සැමරුමට සියල්ල සූදානම් - හතරවටේටම දැඩි ආරක්ෂාවක්
01:22
Video thumbnail
හිරුණිකා ආශුගෙන් සමාව ගනී - ඒ බලු වීඩියෝව ව්‍යාජ එකක්
07:43
Video thumbnail
අපි යුද්ධ කළේ ජනවර්ගයකට එරෙහිව නෙමෙයි - මේ රජය පොට වරද්දගත්තා
03:42