16 වන ජාතික රණවිරු අනුස්මරණය වෙනුවෙන් සැමරුම් උත්සවයක්

16 වන ජාතික රණවිරු අනුස්මරණ උත්සවයට සමගාමිව එළඹෙන 2025 මැයි 19 වන දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අසලදී සැමරුම් උත්සවයක් පැවැත්වීමට නියමිතයි.

එම සැමරුම් උත්සවය සඳහා වන පෙර සූදානම පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද (16) ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත් වුණා.

ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ගේ ප්‍රධානත්වයෙන් මෙම මාධ්‍ය සාකච්ඡාව පවත්වනු ලැබුවා.

ජනාධිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර මෙම උත්සවයට සහභාගී වීමට නියමිත බවයි එම මාධ්‍ය හමුවේ දී සඳහන් කළේ.

එළඹෙන මැයි 19 වන දින පස්වරු 4.00 සිට 6.00 දක්වා මෙම රණවිරු සැමරුම් උත්සවය පැවැත්වෙන අතර, ඊට සමගාමීව ත්‍රිවිධ හමුදාවේ, පොලිස් දෙපාර්තමේන්තුවේ හා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ දායකත්වයෙන් දිවයින පුරා ප්‍රජා සුභසාධන වැඩසටහන් මාලාවක් ද ක්‍රියාත්මක කරනු ලබනවා.

එම අවස්ථාවට කුරිරු ත්‍රස්තවාදය නිමා කිරීමට ත්‍රිවිධ හමුදාවට නායකත්වය ලබා දුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ මාර්ෂල් ඔෆ් ද එයාර් ෆොස් රොෂාන් ගුණතිලක ද සහභාගී වීමට නියමිතයි.

මෙම දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාව අතරතුර, රණවිරු සේවා අධිකාරියේ සහ ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් උත්සව කටයුතු පැවැත්වීමට නියමිත ආකාරය පිළිබඳ දළ විග්‍රහයක් ඉදිරිපත් කරන ලද අතර, එහිදී ආරාධිත අමුත්තන්, හමුදා නිලධාරීන් සහ රණවිරු පවුල්වල සාමාජිකයන් ඇතුළු පැමිණ සිටින පිරිසගේ සහභාගීත්වයෙන් පුෂ්පෝපහාර හා ගෞරව දැක්වීම හමුදා සම්ප්‍රදායානුකුලව ගරු බුහුමන් දැක්වීම ද ඇතුළත්.

දේශයේ ස්වෛරීභාවය සහ ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා පරාර්ථකාමීව සේවය කළ රණවිරුවන් සඳහා සමස්ත ජාතියේ කෘතඥතාව සහ ඉමහත් ගෞරවය දැක්වීම සඳහා මෙම සැමරුම් උත්සවය පැවැත්වීම තුළින් අපේක්‍ෂා කෙරෙනවා.

අපගේ මාතෘභූමිය සහ සියලු රටවැසියන් ආරක්‍ෂා කිරීම සඳහා ත්‍රස්තවාදය පරාජය කිරීමට සටන් වැදුණු අභීත රණවිරුවන්ගේ මහඟු සේවය ප්‍රශංසාවට ලක් කරමින්, ජාතියේ රණවිරුවන් සිහිපත් කෙරෙන මෙම උතුම් අවස්ථාවේදී එක්ව නැගී සිටින ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශය සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?