ඩෙංගු රෝගීන් 19,724ක් – වැඩිම පිරිස බස්නාහිරින්

ඊයේ (12) දිනය වන විට මෙරටින් ඩෙංගු රෝගීන් 19,724 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසනවා.

ඉන් වැඩිම රෝගීන් පිරිසක් අප්‍රේල් මාසයේ වාර්තා වී ඇති බව සඳහන් කළ විශේෂඥ වෛද්‍යවරයා එම සංඛ්‍යාව 5,175ක් බවයි පැවසුවේ.

ඊට අමතරව මේ මාසයේ මුල් දින 12 වනවිට ඩෙංගු රෝගීන් 2,178ක් වාර්තා වී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර වෛද්‍යවරයා සඳහන් කර සිටියේ මෙම වසරේ මෙතෙක් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගෙන් වැඩිම සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බවයි.

එමෙන්ම ඉදිරියේ දී ඇතිවන වර්ෂාමය කාලගුණයත් සමඟ දිවයින පුරා ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවයි මෙහිදී වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 95ක විශේෂ මදුරු මර්ධන වැඩසටහනක් මේ මස 19 වනදා සිට 24 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත බව ද ඔහු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ටිල්වින් වැරැද්ද පිළිගෙන සමාව ගත්තා - එකළොස් ලක්ෂයක් නඩු බෝල්ට් පොයින්ට් පෑනෙන් විසඳන්න බැහැ
07:24
Video thumbnail
දුම ගැහුවට වැඩක් නෑ ආයේ එනවා මදුරුවෝ - පරිසරයේ අනිත් සත්තුන්ට මේක හොඳ නෑ
04:05
Video thumbnail
මහවැලි ගඟේ දිය නෑමට ගොස් 10 වසර ළමයෙක් ගි# අතුරුදහන් - "එයා පීනගෙන එද්දි යට ගියා"
02:21
Video thumbnail
හොරකම් කරපු මුදල් වෙන රටවලට ගියාද ?නිරුක්ෂගෙන් ප්‍රබල හෙළිදරව්වක්
12:40
Video thumbnail
වැලිගම දින 90 සුපිරි වැඩසටහන - ටොෆි කොලයක් පාරට දාන්නේ නැති සමාජයක් හදනවා
04:54
Video thumbnail
වසර 12ක් විභාග වූ ප්‍රසිද්ධ ගායන ශිල්පී චිලීගේ නඩුව අවසන් කරයි
01:12
Video thumbnail
යතුරුපැදියක් මෝටර් රථයක වැදී යතුරුපැදිකරුට බරපතළ තුවාල
01:30
Video thumbnail
අනවසර ගොඩනැගිල්ලක් කඩා ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක්
01:29
Video thumbnail
අනවසරයෙන් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට
00:14
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 9දෙනෙක් නාවික හමුදා භාරයට
00:38