ඉන්දියාව ගැහුව බව පාකිස්තානය චීනයට කියයි – අගමැති ෂෙබාස් චෝදනාත් ඉවත දමයි

ජම්මු – කාශ්මීර ත්‍රස්ත අර්බුදය හේතුවෙන් ඉන්දීය ගුවන් ප්‍රහාර තම රටට එල්ල වූ බවට පාකිස්තානය සිය අසල්වාසී චීනයට පැමිණිලි කර තිබෙනවා.

බීබීසී මාධ්‍ය වාර්තා කළේ, ඉන්දීය ගුවන් ප්‍රහාර පිළිබඳ ව පාකිස්තාන විදේශ අමාත්‍ය මොහොමඩ් ඉෂාක් ඩාර් මහතා විසින් පාකිස්තානයේ චීන තානාපති ජියැං සයිඩොං වෙත දැනුම්දී ඇති බවයි.

ඉන්දියාව විසින් ප්‍රකෝප කිරීමකින් තොරව පකිස්ථාන ස්වෛරීභාවය උල්ලංඝනය කිරීමෙන් සහ අහිංසක ජීවිත ඛේදජනක ලෙස අහිමි වීමෙන් පසු ඇති වූ බරපතළ තත්ත්වය” පිළිබඳව පාකිස්තානු විදේශ අමාත්‍යවරයා චීනයට දැනුම්දුන් බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

විදේශ කටයුතු අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ මෙවැන්නක්;

ඕනෑම වියදමක් දරා තම ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට පකිස්ථානයේ ස්ථිර අධිෂ්ඨානයක් තියෙනවා. කලාපීය ආරක්ෂක වර්ධනයන් පිළිබඳව දෙපාර්ශ්වය අදහස් හුවමාරු කරගත් අතර අදාළ සියලු ක්ෂේත්‍ර හරහා සමීප සම්බන්ධීකරණය සහ සන්නිවේදනය පවත්වා ගැනීමට එකඟ වෙමු,” යනුවෙන් චීන පාර්ශ්වය සමග කළ සාකච්ඡාවේ දී අනාවරණය වී තිබෙනවා.

චීන විදේශ අමාත්‍යාංශය මීට පෙර පාකිස්තානයට එරෙහි ඉන්දියාවේ හමුදා මෙහෙයුම “කනගාටුදායක” බවටයි සඳහන් කළේ.

පාකිස්තානයේ අගමැති ෂෙබාස් ෂරීෆ්ගේ ප්‍රධානත්වයෙන් පැවති ජාතික ආරක්ෂක කමිටුවේ (NSC) රැස්වීමෙන් පසු විශේෂ නිවේදනයක් ද නිකුත් කෙරුණා.

තම භූමියේ ත්‍රස්තවාදී කඳවුරු ඇති බවට ඉන්දියාවේ ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් පාකිස්තානු රජය සඳහන් කළේ සාක්ෂි රහිතව සිදු කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56