ඉන්දියාව ගැහුව බව පාකිස්තානය චීනයට කියයි – අගමැති ෂෙබාස් චෝදනාත් ඉවත දමයි

ජම්මු – කාශ්මීර ත්‍රස්ත අර්බුදය හේතුවෙන් ඉන්දීය ගුවන් ප්‍රහාර තම රටට එල්ල වූ බවට පාකිස්තානය සිය අසල්වාසී චීනයට පැමිණිලි කර තිබෙනවා.

බීබීසී මාධ්‍ය වාර්තා කළේ, ඉන්දීය ගුවන් ප්‍රහාර පිළිබඳ ව පාකිස්තාන විදේශ අමාත්‍ය මොහොමඩ් ඉෂාක් ඩාර් මහතා විසින් පාකිස්තානයේ චීන තානාපති ජියැං සයිඩොං වෙත දැනුම්දී ඇති බවයි.

“ඉන්දියාව විසින් ප්‍රකෝප කිරීමකින් තොරව පකිස්ථාන ස්වෛරීභාවය උල්ලංඝනය කිරීමෙන් සහ අහිංසක ජීවිත ඛේදජනක ලෙස අහිමි වීමෙන් පසු ඇති වූ බරපතළ තත්ත්වය” පිළිබඳව පාකිස්තානු විදේශ අමාත්‍යවරයා චීනයට දැනුම්දුන් බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

විදේශ කටයුතු අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ මෙවැන්නක්;

”ඕනෑම වියදමක් දරා තම ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට පකිස්ථානයේ ස්ථිර අධිෂ්ඨානයක් තියෙනවා. කලාපීය ආරක්ෂක වර්ධනයන් පිළිබඳව දෙපාර්ශ්වය අදහස් හුවමාරු කරගත් අතර අදාළ සියලු ක්ෂේත්‍ර හරහා සමීප සම්බන්ධීකරණය සහ සන්නිවේදනය පවත්වා ගැනීමට එකඟ වෙමු,” යනුවෙන් චීන පාර්ශ්වය සමග කළ සාකච්ඡාවේ දී අනාවරණය වී තිබෙනවා.

චීන විදේශ අමාත්‍යාංශය මීට පෙර පාකිස්තානයට එරෙහි ඉන්දියාවේ හමුදා මෙහෙයුම “කනගාටුදායක” බවටයි සඳහන් කළේ.

පාකිස්තානයේ අගමැති ෂෙබාස් ෂරීෆ්ගේ ප්‍රධානත්වයෙන් පැවති ජාතික ආරක්ෂක කමිටුවේ (NSC) රැස්වීමෙන් පසු විශේෂ නිවේදනයක් ද නිකුත් කෙරුණා.

තම භූමියේ ත්‍රස්තවාදී කඳවුරු ඇති බවට ඉන්දියාවේ ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් පාකිස්තානු රජය සඳහන් කළේ සාක්ෂි රහිතව සිදු කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14