සැරම කොවිඩ් ප්‍රභේද 6ක් මෙරටට ඇතුළු වෙයි

“සැර” බවින් ඉහළ කොවිඩ් 19 වෛරස ප්‍රභේද 06ක් මෙරට සංසරණය වෙමින් පවතින බව අනාවරණය කරගෙන තිබෙනවා.

එලෙස හඳුණාගෙන ඇත්තේ බ්‍රිතාන්‍ය ප්‍රභේදය, ඉන්දියානු ප්‍රභේදය, අප්‍රිකානු ප්‍රභේදය, ඩෙන්මාර්ක් ප්‍රභේදය, නයිජීරියානු ප්‍රභේදය හා ශ්‍රී ලංකා ප්‍රභේදය යි.

මෙම ප්‍රභේද බොහොමයක් නිරෝදායන මධ්‍යස්ථානවලින් හමුවී ඇති නමුත්  බ්‍රිතාන්‍ය ප්‍රභේදය හමුවී ඇත්තේ සමාජයෙන් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති වේද හා සෛල ජීව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර අනාවරණය කළා.

භයානකම කොවිඩ් 19 ප්‍රභේදය බ්‍රිතාන්‍ය ප්‍රභේදය බවත් එහි පැතිරීමේ සීඝ්‍රතාවය ඉහළ අගයක් ගන්නා බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මේ අතර කොවිඩ් 19 වෛරසය කිසි දින ලොවින් තුරන් වීමක් සිදු නොවනු ඇති බව ද ආචාර්ය චන්දිම ජීවන්දර පසුගිය දිනෙක සඳහන් කළා.

දැනට සිදුකෙරෙන පරීක්ෂණ සහ ජාත්‍යන්තරයෙන් ලැබෙන තොරතුරු විශ්ලේෂණය කිරීමේ දී එම තත්ත්වය පැහැදිළි බවයි ඔහු පවසන්නේ.

එම නිසා හොඳම විසඳුම වන්නේ එන්නත්කරණය මගින් කොවිඩ් 19 වෛරසයට එරෙහිව මිනිස් සිරුරේ ප්‍රතිශක්තිය නිර්මාණය කරගැනීම පමණක් බව ඔහු පෙන්වා දෙනවා.

මෙරට තුළ කොවිඩ් 19 එංගලන්ත ප්‍රභේදය පැතිර යාම ආරම්භවීමත් සමග සෞඛ්‍ය අංශ බලාපොරොත්තු වූවාට වඩා වේගයකින් රෝගය ව්‍යාප්ත වෙමින් පවතින බව ජීවන්දර ආචාර්යවරයා පවසනවා.

මෙම තත්ත්වයත් සමග ශ්‍රී ලංකාව තුළ දැඩි අවදානමක් නිර්මාණය වී ඇති බව පවසන ඔහු වැඩිදුරටත් අනාවරණය කළේ බ්‍රසීලයෙන් හමු වූ විකෘති ප්‍රභේදය හැර මේවන තෙක් ලොව පුරා වාර්තා වී ඇති අනෙක් සියළු කොවිඩ් වෛරස ප්‍රභේද සියල්ලම ශ්‍රී ලංකාව තුළින් හමුව ඇති බවයි.

සෞඛ්‍ය අංශවල ක්‍රියාදාමයන්ට අමතරව වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා ජනතාව ඍජු දායකත්වයක් ලබා දුන්නොත් පමණක් රෝග ව්‍යාප්තිය පාලනය කර ගත හැකි බව ආචාර්ය චන්දිම ජීවන්දර අවධාරණය කරනවා.

මෙරට පැතිර යන එංගලන්ත ප්‍රභේදය හඳුනාගෙන ඒ පිළිබඳව ප්‍රථමයෙන්ම අනාවරණය කළේ ද ආචාර්ය චන්දිම ජීවන්දර ප්‍රමුඛ පර්යේෂකයින් විසින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09