ඉන්දියාව තුළ කොවිඩ් 19 වෛරසයට ගොදුරු වූවන්ට සහ සුව වූවන්ට ආසාදනය වී ඇති “කළු දිලීරය” ශ්‍රී ලංකාවට ද පැමිණීමේ අවදානමක් මතුව ඇති බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එවැන්නක් සිදු වුණ හොත්, මේවන විට මෙරට පුරා පැතිර ගොස් ඇති වසංගත තත්ත්වයට නිසි විසඳුමක් ලබා දිය නොහැකිව සිටින රජය කළු දිලීරයට කෙසේ මුහුණ දේවිදැයි සිතාගැනීමට නොහැකි බවයි ඔවුන් පවසන්නේ.
එමෙන්ම කොවිඩ් 19 වසංගතයේ උග‍්‍රතම තත්ත්වයට ළඟා වූ රටක් ලෙස ශ‍්‍රී ලංකාව ඉදිරි සතිය තුළ රතු ලැයිස්තුවට ඇතුළත් කරනු ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය මත පළ කරනවා.
මෙවන් වාතාවරණයක් තුළ මෙරට සිටින මහා පරිමාණ විදෙස් ව්‍යාපාරිකයන්, ශ‍්‍රී ලාංකික ධනවත් ව්‍යාපාරිකයන් මෙන්ම ද්විත්ව පුරවැසියන් ද රටින් පිටව යාමට පටන්ගෙන ඇතැයි ගුවන්තොටුපළ ආගමන විගමන පරිගණක දත්ත පෙන්වා දෙන බව ද එම සංගමය ප්‍රකාශ කරනවා.

pitarata gewale thyena aya rata yanawa lankawa tharam arachshitha ratak kohewath na palanaya hoda name