මීටියාගොඩ වෙඩි තැබීමට යතුරුපැදි දෙකකින් ඇවිත් – තවත් තොරතුරු කිහිපයක් එළියට

මීටියාගොඩ පොලිස් වසමේ තඹහිටිය ප්‍රදේශයේ අවන්හලක් ඉදිරිපිට ඊයේ (03) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයෙක් බරපතළ තුවාල ලබා ඇති බව ද පොලිසිය සඳහන් කළා.

වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 47 හැවිරිදි සරත් චමින්ද උදය කුමාර නැමැති අයෙක්.

යතුරුපැදි දෙකකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි පොලිසිය කරුණු අනාවරණය කරගෙන ඇත්තේ.

වෙඩි තැබීම සඳහා T56 වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති අතර, තුවාල ලැබූ පුද්ගලයා බලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබනවා.

52 හැවිරිදි එම පුද්ගලයා ද මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචිවකරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

මීටියාගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ඩෝබිලා දාලා තමයි මාධ්‍යයට සත්තම දාන්නේ..මේවා ඕකපාතිකව වෙන දේවල් නෙවෙයි
02:28
Video thumbnail
ඉදිරියේදී තැපැල් ප්‍රවාහනය දවසක් හැර දවසක් සිදුවෙන්නේ..ඉන්ධන නිසා තැපැල් දෙපාර්තමේන්තුවටත් බාධා
05:09
Video thumbnail
ඊයේ රෑ ඉදලා ආණ්ඩුව රට්ටුන්ට ෆුල් ආතල් එකක් දුන්නේ..මේ ආණ්ඩුව ස්වයං වින්දනයක ඉන්නේ
02:51
Video thumbnail
තිස්ස කුට්ටි ජනපති අනුර ගැන ගුණ වයයි..ෂෙඩ්වල පෝළිම් නෑ..ජනපතිට Respect කරනවා
04:52
Video thumbnail
"මෙතන කිසිම පෝළිමක් නෑනේ යන්න මහත්තයා ඔය මයික් එක අරගෙන"බොරු කරන්න එපා ඔයා - අපි සතුටින් ඉන්නේ
02:09
Video thumbnail
අනුර කුමාර කළුකඩ මුදලාලියෙක්..ඉන්ධන මිල වැඩිකිරීම නිසා විමල්ට තද වෙයි
04:33
Video thumbnail
ඉන්ධන අර්බුදය නිසා චාමරට යකා නගියි..ඔයාලට කරන්න බැරිනම් අපිට දෙන්න..කොමිස් එක අඩු කරලා දෙන්නම්
04:33
Video thumbnail
බස් සංගම්වලින් රතු එළියක්..බස් ගාස්තු වැඩි නොකළොත් අපි බස් ධාවනය නවත්තලා දානවා
02:25
Video thumbnail
බුදියගෙන නැගිටිනකොට වැඩේ හරි..සන්තෝෂයි.. මිනිස්සුන්ට නහුතෙටම තදවෙයි
03:41
Video thumbnail
ඉදිරියේදී අලුත් අවුරුදු උත්සව තියන්න බැරිවෙයිද ?..සමහර විට අනවශ්‍ය උත්සව සීමා කරන්න වෙයි
03:09