අත්අඩංගුවේ සිටියදී තරුණයෙකු ජීවිතක්ෂයට

කොස්ගොඩ පොලිස් වසමේ හතරමං හංදිය ප්‍රදේශයේ දී පුද්ගලයකු මත්ද්‍රව්‍ය සම්බන්ධ සිද්ධියකට ඊයේ (01) කොස්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද (02) දින පොලිසියේ සිටියදීම අසනීප තත්ත්වයක් ඇති වී බලපිටිය මූලික රෝහලට ගෙන යන අතරතුර ජීවිතක්ෂයට පත් ව ඇති බවට තොරතුරු වාර්තා වනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, ඔහුගේ මෘත ශරීරය මේ වන විට (මැයි 02) බලපිටියේ මූලික රෝහලේ තබා ඇති බවයි.

පොලිස් පහරදීමක් හේතුවෙන් තම පුත්‍රයා මියගොස් ඇති බවට ඔහුගේ දෙමාපියන් චෝදනා කරනවා.

මියගිය තැනැත්තා දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයකු බවත් ඔහුගේ පියා පැවසූ බවත් දසත ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කරනවා.

මෙසේ මියගොස් ඇත්තේ කොස්ගොඩ හතරමං හන්දිය ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරිඳු සිරිවර්ධන ද සොයිසා නමැති අවිවාහක පුද්ගලයෙක්.

සිද්ධිය සම්බන්ධව අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරී අමරසිරි මහතාගේ උපදෙස් මත පොලිසිය විමර්ශන කටයුතු සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32