අත්අඩංගුවේ සිටියදී තරුණයෙකු ජීවිතක්ෂයට

කොස්ගොඩ පොලිස් වසමේ හතරමං හංදිය ප්‍රදේශයේ දී පුද්ගලයකු මත්ද්‍රව්‍ය සම්බන්ධ සිද්ධියකට ඊයේ (01) කොස්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද (02) දින පොලිසියේ සිටියදීම අසනීප තත්ත්වයක් ඇති වී බලපිටිය මූලික රෝහලට ගෙන යන අතරතුර ජීවිතක්ෂයට පත් ව ඇති බවට තොරතුරු වාර්තා වනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, ඔහුගේ මෘත ශරීරය මේ වන විට (මැයි 02) බලපිටියේ මූලික රෝහලේ තබා ඇති බවයි.

පොලිස් පහරදීමක් හේතුවෙන් තම පුත්‍රයා මියගොස් ඇති බවට ඔහුගේ දෙමාපියන් චෝදනා කරනවා.

මියගිය තැනැත්තා දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයකු බවත් ඔහුගේ පියා පැවසූ බවත් දසත ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කරනවා.

මෙසේ මියගොස් ඇත්තේ කොස්ගොඩ හතරමං හන්දිය ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරිඳු සිරිවර්ධන ද සොයිසා නමැති අවිවාහක පුද්ගලයෙක්.

සිද්ධිය සම්බන්ධව අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරී අමරසිරි මහතාගේ උපදෙස් මත පොලිසිය විමර්ශන කටයුතු සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?