මැණික් ගඟේ ජල පහරට හසු වූ මව සහ දරුවාගේ දිවි බේරූ හමුදා විරුවෝ

මැණික් ගඟේ දිය නෑමට ගොස් ජලයේ ගසාගෙන ගිය මවක් සහ දරුවෙකු බේරාගැනීමට හමුදා සෙබළුන් පිරිසකට හැකියාව ලැබී තිබෙනවා.

පෙරේදා (26) දිනයේ මැණික් ගඟේ සෙල්ල කතරගම දේවාලය අසල ප්‍රදේශයේ දිය නාමින් සිටියදී මෙම කාන්තාව සහ දරුවා ජල පහරට ගසාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පැවති අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් වෙහෙරගල ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමෙන් පසු මැණික් ගඟේ ජල මට්ටම එක්වරම ඉහළ යාමෙන් මොවුන් දෙදෙනා ජල පහරට ගසාගෙන ගොස් ඇති බවයි වාර්තා වුණේ.

අනතුරුව ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිසක් විසින් දැඩි පරිශ්‍රමයක් දරා ඔවුන් දෙදෙනා බේරාගැනීමට කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?