අමෙරිකාවෙන් සිය පුරවැසියන්ට බංග්ලාදේශය අනතුරුදායක බවට රතු එළියක්

බංග්ලාදේශය තුළ පවතින සිවිල් නොසන්සුන්තාව, අපරාධ සහ ත්‍රස්තවාදය හේතුවෙන් එරට සිදු කරන සංචාර ගැන යළි සලකා බලන ලෙස අමෙරිකානුවන්ට යළිත් මතක් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ සිවිල් නොසන්සුන්තාව, අපරාධ සහ ත්‍රස්තවාදය හේතුවෙන් සංචාර නැවත සලකා බලන ලෙස පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව බංග්ලාදේශය සඳහා සංචාරක උපදේශනයක් නැවත නිකුත් කිරීමට ද පියවර ගෙන ඇති බවයි.

චිතගොං කඳුකර ප්‍රදේශ ප්‍රචණ්ඩත්වය සහ පැහැරගැනීම් අවදානම උපුටා දක්වමින් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙම අනතුරු ඇඟවීම නිකුත් කර තිබෙනවා.

අප්‍රේල් 18 වන දින මෙම නිවේදනය නිකුත් කෙරුණා.

මහා පරිමාණ ගැටුම්වල වාර ගණන අඩු වී ඇතත්, බංග්ලාදේශය පුරා විරෝධතා දිගටම සිදුවෙමින් පවතිනවා.

සාමකාමී සිදුවීම් පවා ඉක්මනින් ප්‍රචණ්ඩත්වය දක්වා වර්ධනය විය හැකි බවට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවූ අතර සියලුම දේශපාලන සිදුවීම් සහ විශාල මහජන රැස්වීම්වලින් වැළකී සිටින ලෙස සංචාරකයින්ට උපදෙස් දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38