අද (21) දිනයේ බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඒ, ඔහු විසින් ඉදිරිපත් කර තිබූ ඇප අයදුම ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුවයි.
ඔහුගේ ඇප අයදුම ප්‍රතික්ෂේප කළ බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය මන්ත්‍රීවරයා එළඹෙන මැයි 05 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසයි නියෝග කළේ.
Update, Monday, April 21, 2025, 11.03 AM
චාමර සම්පත් අධිකරණයට රැගෙන එයි
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අද (21) පෙරවරුවේ බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබෙනවා.
පොදු දේපළ පනත යත්තේ පවරන ලද නඩුවකට අදාළව ඔහු අද (21) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පසුගිය 07 වනදා බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.
මේ අතර 2016 වසරේ ඌව පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් පෙර පාසල් දරුවන්ට බෑග් ලබාදීම සඳහා ලංකා බැංකුවෙන් රුපියල් ලක්ෂ 10 මුදලක් හා මහජන බැංකුවෙන් රුපියල් ලක්ෂ 25ක මුදලක් අනුග්‍රහය වශයෙන් ලබාගෙන ඒවා පළාත් සභාවේ ගිණුම්වලට බැර නොකොට චාමර සම්පත් දසනායක පදනම යටතේ මුදල් ලබාගත් බවට ඉදිරිපත් කර තිබූ තවත් පැමිණිලි තුනකට අදාළව සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය අප්‍රේල් 08 වනදා නියෝග කර සිටියා.





