Update – චාමරගේ ඇප අයදුම ප්‍රතික්ෂේප වෙයි – යළි රිමාන්ඩ්

අද (21) දිනයේ බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ, ඔහු විසින් ඉදිරිපත් කර තිබූ ඇප අයදුම ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුවයි.

ඔහුගේ ඇප අයදුම ප්‍රතික්ෂේප කළ බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය මන්ත්‍රීවරයා එළඹෙන මැයි 05 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසයි නියෝග කළේ.

Update, Monday, April 21, 2025, 11.03 AM

චාමර සම්පත් අධිකරණයට රැගෙන එයි

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අද (21) පෙරවරුවේ බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබෙනවා.

පොදු දේපළ පනත යත්තේ පවරන ලද නඩුවකට අදාළව ඔහු අද (21) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පසුගිය 07 වනදා බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

මේ අතර 2016 වසරේ ඌව පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් පෙර පාසල් දරුවන්ට බෑග් ලබාදීම සඳහා ලංකා බැංකුවෙන් රුපියල් ලක්ෂ 10 මුදලක් හා මහජන බැංකුවෙන් රුපියල් ලක්ෂ 25ක මුදලක් අනුග්‍රහය වශයෙන් ලබාගෙන ඒවා පළාත් සභාවේ ගිණුම්වලට බැර නොකොට චාමර සම්පත් දසනායක පදනම යටතේ මුදල් ලබාගත් බවට ඉදිරිපත් කර තිබූ තවත් පැමිණිලි තුනකට අදාළව සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය අප්‍රේල් 08 වනදා නියෝග කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40