පෞද්ගලික ප්‍රතිරූපය ඉහළ නැංවීමට පොලිස් සේවා ගන්න බෑ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක (වීඩියෝ)

මේ දිනවල සමාජ මාධ්‍ය ජාලාවල වැඩි වශයෙන් කතාබහට ලක් වන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ දුවා දරුවන් ඇගයීමේ අතිදැවැන්ත උත්සවයක් පැවැත්වූ පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරියකගේ එම උත්සවය සම්බන්ධයෙන් පොලිස් ආරක්ෂාව ලබාදීම පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා අද (19) දහවල් ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ කිසියම් අයෙකුට හෝ ආයතනයකට වාණිජ අරමුණක් මත මුදල් ගෙවා අදාළ ක්‍රියාපටිපාටිය වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවෙන් පොලිස් නිලරථ සහ සේවා ලබාගත හැකි බවයි.

ඒ අනුව ශ්‍රී ලංකා පොලිසිය විසින් පොදු කටයුතු සඳහා යම් මුදල් ගෙවීමක් මත පොලිස් වාහන, පොලිස් නිලධාරින් ලබාදීම සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.

එම පොදු කටයුතු ලෙස කිසියම් අයෙකුට සිනමා නිර්මාණයක් සඳහා පොලිස් නිල රථ හෝ නිලධාරීන් ලබා ගැනීමට අවශ්‍ය වේ නම්, ඒ සඳහා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව වෙත ඉල්ලීම් ලිපි ඉදිරිපත් කර අනුමැතිය ලබාගත යුතු බව බුද්ධික මනතුංග මහතා පවසනවා.

සංගීත සංදර්ශනයක් හෝ උත්සවයක් හෝ එවැනි ක්‍රියාවලියක් සඳහා ද සම්පූර්ණ අධ්‍යයනයකින් අනතුරුව මුදල් ගෙවීමකින් ශ්‍රී ලංකා පොලිසියට අයත් රථ වාහන ලබාගැනීමේ ක්‍රමවේදයක් පවතිනු ඇති.

5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින දරුවන් ඇගයීමේ උත්සවයක් සඳහා අවශ්‍ය කරන ආරක්ෂාව සලසා දෙන ලෙස එම ගුරුවරිය සිය ඉල්ලීම් ලිපිය මගින් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම උත්සවය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන බවත් ඊට දරුවන් 8000ක් සහ දෙමාපියන් 35000ක් පමණ සහභාගී වන බව ද අදාළ ඉල්ලීම් ලිපියේ දක්වා තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

නමුත් මෙම සිදුවීමෙන් පෙනී යන්නේ අදාළ ගුරුවරිය තම පෞද්ගලික ප්‍රතිරූපය ඉහළ නංවා ගැනීම සඳහා පොලිස් සේවා යොදා ගෙන ඇති බවත් එසේ සිදු කිරීමට කිසිදු නීතිමය අවසරයක් නොලැබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

එබැවින් මෙම සිදුවීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් මේ වනවිටත් (අප්‍රේල් මස 19) අරඹා ඇති බවයි ශ්‍රී ලංකා පොලිසිය පැවසුවේ.

මේ අතර අද දින දසත සමගි අවුරුදු උදානය සමග එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ මහජනතාව එක් ව පොදු කටයුත්තක් වෙනුවෙන් යහපත් අරමුණකින් සිදු කරන ක්‍රියාදාමයකට ආරක්ෂාව ඉල්ලා සිටින්නේ ද ඊට ආරක්ෂාව සපයනවා මිසෙක තනි පුද්ගලයෙකු වෙනුවෙන් ආරක්ෂාව සැපයීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු නොකරන බවයි.

අදාළ ඇගයීම් උත්සවයට පොලිස් ආරක්ෂාව ඉල්ලා යොමු කළ ලිපිය පහතින්;

  1. ලියුමක වචනයක් තේරැමි ගන්න බැරිව නීතිපති උපදෙස් ඉල්ලන පොරවල් පොදු කටයුතු කියන එක මරැවට අර්ථ දක්වලා වගේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56