මෙරට ආචාර්‍යයවරියක් ඇතුළු තිදෙනෙකු රට රැකියා පෙන්වා කළ මූල්‍ය වංචාව – CID වෙතත් පැමිණිල්ලක් (වීඩියෝ)

මෙරට ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලයක ආචාර්‍යයවරියක් ඇතුළු තවත් තිදෙනෙකු නවසීලන්තයේ රැකියා අවස්ථා ලබාදෙන බව පවසමින්, පුද්ගලයන්ගෙන් මුදල් වංචා කර ඇති බවට චෝදනා කරමින් අසාධාරණයට ලක් වූ පිරිසක් අද (16) පෙරවරුවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ආචාර්ය තියන්ගි ජයතිලක, ගයා සංජීව කරුණාතිලක සහ ශිරානි ප්‍රියදර්ශනී ජයසිංහ යන අය මෙලෙස නවසීලන්තයේ විදේශ රැකියා ලබාදෙන බව පවසා 80 දෙනෙකුගෙන් පමණ මුදල් ලබාගෙන විදේශගත නොකර ඔවුන් මග හරිමින් සිටින බව‍ටයි ජාවාරමට හසු වූ පිරිස් චෝදනා කරන්නේ.

මේ වන විට රුපියල් ලක්ෂ 890ක පමණ මුදලක් මොවුන් වංචා කර ඇති බව විදෙස්ගත වීමට නොහැකි වූ පිරිස් චෝදනා කරනවා.

ඔවුන් ඉල්ලා සිටින්නේ කඩිනමින් මෙම පිරිස් නීතියට හසුකරගෙන තම මුදල් නැවත ලබාදීමට කටයුතු කරන ලෙසයි.

තියන්ගි නමැති විශ්වවිද්‍යාල කථිකාචාර්යවරිය ආචාර්‍යයවරියක් ලෙස පෙනී සිටිමින් ඡායාරූප පෙන්වා ජනතාව මුලා කරමින් මෙලෙස විදේශ රැකියා ජාවාරමේ යෙදෙන බව වාර්තා වනවා.

කෙසේවෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අදාළ ආචාර්‍යයවරියගෙන් දසත ප්‍රවෘත්ති අංශය සිදු කළ විමසීමක දී ඇය සඳහන් කර සිටියේ; තමන් මෙහි අතරමැදියෙකු බවත්, තමන් ද වෙනත් පාර්ශ්වයකට රට රැකියා සඳහා පුද්ගලයින් යොමු කිරීම වෙනුවෙන් මුදල් ලබා දී ඇති බැවින් මේ පිළිබඳ ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ද ගොනු කර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32