අප්‍රේල් මුල්දින 09ට මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් ගණන 50,000 පනී

අප්‍රේල් පළමු දින 09 තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 50,000 ඉක්මවා ගොස් තිබෙනවා.

සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනය කළේ මෙම මාසයේ මේ වනවිට සංචාරකයින් 56,567 ක් මෙරටට පැමිණ ඇති බවයි.

මෙලෙස පැමිණි සංචාරකයින් අතර වැඩිම පිරිසක් ඉන්දියානුවන් බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව බ්‍රිතාන්‍යය, රුසියාව, ඕස්ට්‍රේලියාව, ජර්මනිය, ප්‍රංශය, බංගලාදේශ සහ චීනය යන රටවලින් ද වැඩි සංචාරකයින් පිරිසක් පැමිණ තිබෙනවා.

මෙම වසරේ මේ දක්වා කාලය තුළ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 778, 843ක් බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?