එක්නැලිගොඩගේ බිරිඳ මිලියන 100ක් වන්දි ඉල්ලා උසාවි යයි

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් මණ්ඩලය වගඋත්තරකරුවන් ලෙස නම් කර තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට සඳහන් කරමින් ප‍්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය විසින් රුපියල් මිලියන 100ක වන්දියක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
 
 දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමේ නිර්දේශ හේතුවෙන් තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ඇය ඉකුත් 03 වැනිදා ඉදිරිපත් කරනු ලැබූ සිය පෙත්සමෙන් සඳහන් කර ඇත.
 
 රුපියල් මිලියන 100ක වන්දි මුදලට අමතරව දේශපාලන පළිගැනීම පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමට නොහැකි වන ලෙස තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ද සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය සිය පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.
 
 අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයට අමතරව දේශපාලන
 
 පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් තිදෙනා සහ නීතිපතිවරයා මෙන්ම ප‍්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගිය බවට චෝදනා එල්ල වී ඇති යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ නිලධාරීන් පිරිස ද මෙහිදී වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.
 
 සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා විසින් ඉකුත් 03 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන පිරවුම්හල්වලට පැය 24 පුරාම විශේෂ පොලිස් ආරක්ෂාවක්..ආයේ තෙල් බූලිවලට පුරවනවා බොරු
01:41
Video thumbnail
මහ කොමසාරිස්, තානාපති කාර්යාල, හෝටල්වලට විශේෂ ආරක්ෂාවක්..මෙවැනි ස්ථාන වීඩියෝ කිරීම සම්පූර්ණ තහනම්
03:12
Video thumbnail
සෝමරතන හිමිගෙන් ජනපතිට දැඩි ප්‍රකාශයක්..වැ‍රැද්දක් කළා නම් ප්‍රසිද්ධියේ සමාව ගන්න
05:32
Video thumbnail
කතුන් පාරට බැහැලා ආණ්ඩුවට සැරට අමතයි..හුන්ඩුවේ ජනාධිපති ඉලපතෙන් ග#ලා එලවන්නේ
03:11
Video thumbnail
විවාහක පෙම්වතා, අනියම් පෙම්වතිය ගාමන්ට් එක තුළම බිහිසුණු ලෙස එළොව යවලා
00:56
Video thumbnail
🔴Breaking News
09:01
Video thumbnail
ඉරාන නෞකාවෙන් බේරාගත් පිරිස දැඩි ආරක්ෂාව මැද කරාපිටිය රෝහලට රැගෙන එන අයුරු
01:47
Video thumbnail
ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවට සිදුවුණ අනතුර ගැන විජිතගෙන් හෙළිදරව්වක්..30දෙනෙකුගේ ජීවිත බේරගත්තා
02:57
Video thumbnail
ගාලු මුහුදේදී ඉරාන නැවකට ප්‍ර#රයක් ?..චාමර හදිස්සියේම නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි
01:26
Video thumbnail
නිධානයක් උඩ ඉදගෙන හිඟා කනවා කිව්ව කෙනා දැන් මේ රට හුන්ඩුවක්ලු
05:47