එස්. වියාලේන්ද්‍රන්ට ඇප

රුපියල් ලක්ෂ 15ක අල්ලස් ඉල්ලීමේ සිද්ධියකට ආධාර අනුබලදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වන එස්. වියාලේන්ද්‍රන් ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය නියෝග කළා.

පසුගිය නඩු වාරයේදී සතියක් තුළ විමර්ශන අවසන් කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය විමර්ශන නිලධාරීන් ට නියෝග කළ අතර නඩුව අද (08) නඩුව කැඳවු අවස්ථාවේ දී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරුට අදාළ විමර්ශන අවසන් කර තිබෙන බව සඳහන් කළ බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය සඳහන් කළේ.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරුට අදාළ විමර්ශන කටයුතු අවසන් වී ඇති නිසාත් මෙම සැකකරු සාක්ෂිකරුවන්ට තර්ජනය කර ඇති බවට පැමිණිලි ඉදිරිපත් වී නොමැති නිසාත් ඔහු ඇප මත මුදාහරින ලෙස ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය අදාළ සැකකරු රුපියල් 50,000/-ක මුදල් ඇප සහ රුපියල් මිලියනය බැගින් වූ ශරීරය ඇප පහක් මත මුදාහැරීමට නියම කළා.

ඉන් අනතුරුව සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගයක් ද නිකුත් කළා.

සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පෙර සිද්ධියේ සාක්ෂිකරුවන්ට මරණීය තර්ජන එල්ල කර ඇති බවට කරුණු අනාවරණය වී ඇති බව විමර්ශන නිලධාරීන් පසුගිය නඩු වාරයේ දී අධිකරණයට දැන්වූවා.

මෙම සිද්ධියට අදාළව අම්පාර දිස්ත්‍රික්කයේ භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරුවරයාගෙන් දිවුරුම් ප්‍රකාශයක් ලබාගත් බවත් සැකකරුගේ බලපෑම් මත අදාළ බලපත්‍රය නිකුත්කර කළ බව ඔහුගේ ප්‍රකාශයේ සඳහන් වන බව ද එම නිලධාරීන් අධිකරණයට පෙන්වා දුන්නා.

වැලි ගොඩ දැමීම සඳහා වන බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා පොලොන්නරුව ප්‍රදේශයේ ව්‍යපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 15 ක අල්ලසක් ඉල්ලීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය වියාලේන්ද්‍රන් මහතාගේ පෞද්ගලික ලේකම්වරයෙකු ඇතුළු දෙදෙනෙකු මීට පෙර අල්ලස් කොමිසම මගින් ඉකුත් වසරේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කොට පසුව අධිකරණය විසින් ඇපමත මුදාහැර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56