AFC Banner
Empty Ad
Empty Ad

ආදායම් බලපත්‍ර දීම නතර කිරීමට තවත් පළාතක් තීරණය කරයි

සිය පළාත තුළ ලියාපදිංචි වී ඇති සියළුම වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව සබරගමුව පළාත් සභාව නිවේදනය කරනවා.

කොවිඩ් 19 වසංගත තත්ත්වයේ ව්‍යාප්තිය හමුවේ මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

ඒ අනුව 2021 මැයි 13 වැනි දා සිට 2021 මැයි 31 දක්වා කාලය තුළ ආදායම් බලපත්‍ර නිකුත් නොකිරීමටයි තීරණය කර ඇත්තේ.

එම කාලය තුළ සහ ජුනි මස 15 වැනි දා දක්වාම දඩමුදල් අයකිරීමක් සිදු නොවන බව ද සබරගමුව පළාත් සභාව නිවේදනය කරනවා.

මීට පෙර බස්නාහිර සහ දකුණු පළාත්වල ලියාපදිංචි වාහන සඳහා බලපත්‍ර නිකුත් කිරීම ද තාවකාලිකව අත්හිටවනු ලැබුවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?