ප්‍රතික්ෂේප වූ නාමයෝජනා ගැන ඉදිරිපත් වූ පෙත්සම් 16 සලකා බලන්න දින දෙයි

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනු කෙරුණු පෙත්සම් 16 ක් සලකා බැලීම සඳහා අප්‍රේල් මස 01 වැනි දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබෙනවා.

මෙම පෙත්සම අද (28) වැනිදා එස්. තුරෙයි රාජා, මහින්ද සමයවර්ධන සහ සම්පත් අබේකෝන් යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී නීතිපතිවරයා අධිකරණය හමුවේ දැනුම් දුන්නේ, මෙම ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා පිළිබඳ ව මැතිවරණ කොමිසම කරුණු අධ්‍යයනය කරමින් සිටින අතර, එහි තීරණය දැනුම්දීම සඳහා දිනයක් ලබාදෙන ලෙසයි.

ඒ අනුව, පෙත්සම ලබන අප්‍රේල් 01 වැනිදා යළි කැඳවීමට නියම කළ විනිසුරු මඩුල්ල එදින මෙම ඉල්ලීම් පිළිබඳව කරුණු සලකා බලන බව නිවේදනය කළා.

මහනුවර, නුවරඑළිය, කිලිනොච්චිය ඇතුළු කිහිපයකට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, කම්කරු කොංග්‍රසය, ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය ඇතුළු දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට තේරීම් භාර නිලධාරීන් ගත් තීරණය තුළින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවත් එම නාම යෝජනා යළි භාර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් එම පෙත්සම්වලින් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?