ප්‍රතික්ෂේප වූ නාමයෝජනා ගැන ඉදිරිපත් වූ පෙත්සම් 16 සලකා බලන්න දින දෙයි

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනු කෙරුණු පෙත්සම් 16 ක් සලකා බැලීම සඳහා අප්‍රේල් මස 01 වැනි දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබෙනවා.

මෙම පෙත්සම අද (28) වැනිදා එස්. තුරෙයි රාජා, මහින්ද සමයවර්ධන සහ සම්පත් අබේකෝන් යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී නීතිපතිවරයා අධිකරණය හමුවේ දැනුම් දුන්නේ, මෙම ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා පිළිබඳ ව මැතිවරණ කොමිසම කරුණු අධ්‍යයනය කරමින් සිටින අතර, එහි තීරණය දැනුම්දීම සඳහා දිනයක් ලබාදෙන ලෙසයි.

ඒ අනුව, පෙත්සම ලබන අප්‍රේල් 01 වැනිදා යළි කැඳවීමට නියම කළ විනිසුරු මඩුල්ල එදින මෙම ඉල්ලීම් පිළිබඳව කරුණු සලකා බලන බව නිවේදනය කළා.

මහනුවර, නුවරඑළිය, කිලිනොච්චිය ඇතුළු කිහිපයකට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, කම්කරු කොංග්‍රසය, ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය ඇතුළු දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට තේරීම් භාර නිලධාරීන් ගත් තීරණය තුළින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවත් එම නාම යෝජනා යළි භාර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් එම පෙත්සම්වලින් ඉල්ලා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත් බන්ධනාගාරයට
01:49