සේරුවිල මංගල රජමහා විහාරාධිපති කොරෝනා ආසාදනය වී අපවත් වෙයි

සේරුවිල මංගල රජමහා විහාරාධිපති පූජ්‍ය මුංහේනේ මෙත්තාරාම නාහිමියන්, ඉන්දියාවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී කොරෝනා ආසාදනය වී අපවත් වී ඇති බව එහි විහාරවාසී බලල්ලේ රතනසාර හිමියන් ප්‍රකාශ කළා. මෙත්තාරාම නාහිමියන් අක්මාවේ ශල්‍යකර්මයක් සඳහා මීට මසකට පමණ පෙර ඉන්දියාවට වැඩම කර තිබුණා.