ලෝක කාලගුණ විද්‍යා දිනය සැමරුම නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යයවරයාගේ ප්‍රදානත්වයෙන්

සෑම වසරක ම මාර්තු 23 දින, ලෝක කාලගුණ විද්‍යා දින සැමරීම සිදු කරනවා.

මෙවර ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ 75 වන සංවත්සරය ද, මෙදිනට යෙදී තිබීම සුවිශේෂී සිදුවීමක්.

“පූර්ව අනතුරු ඇඟවීමේ පරතර එක්ව වසා දමමු “යන තේමාව යටතේ මෙවර ලෝක කාලගුණ විද්‍යා දින සැමරීම කොලඹ කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තු පරිශ්‍රයේ දී අද (25) සිදු කෙරුණු අතර, මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය (විශ්‍රාමික) මේජර් ජෙනරල් අරුණ ජයසේකර මහතා එක් වුණා.

එම ස්ථානයට පැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ඒ. කේ. කරුණානායක මහතා විසින් පිළිගනු ලැබුවා.

ලෝක කාලගුණ විද්‍යා සංවිධානය 1950 මාර්තු 23 වන දින පිහිටුවන ලද අතර, එම දිනය මුල් කරගෙන සෑම වසරකම ලෝක කාලගුණ විද්‍යා දිනය සමරනු ලබනවා.

මෙම දිනයේදී මානව වර්ගයාගේ මෙන් ම, පරිසරයේ යහපැවැත්ම සඳහා කාලගුණ විද්‍යාවේ අත්‍යවශ්‍ය දායකත්වය හා කාලගුණ හා දේශගුණික විපර්යාස මගින් පෘථිවිය මුහුණදෙන විවිධ ව්‍යවසනයන් පිළිබඳවත් ජනතාව දැනුවත් කිරීම සිදු කරනවා.

රාජ්‍ය – පුද්ගලික අංශ දෙකම එක්ව ක්‍රියා කරන්නේ නම් වඩා ශක්තිමත් සහ සමාජ ආරක්‍ෂාවට උපකාරී වූ පුර්ව අනතුරු ඇඟවීම් පද්ධතියක් ගොඩනැගීමෙන් ප්‍රජාවන් ආරක්‍ෂා කිරීමටත්, දිගු කාලීන පැවැත්ම තහවුරු කිරීමට උපකාරී වන බවත්, ශ්‍රී ලංකාව තුල මෙම භාරධුර කාර්යයෙහි පෙරමුණෙහි ම සිටින කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දශක 7කට වඩා ලෝක කාලගුණ විද්‍යා සංවිධානය සමඟ එක්ව කාලගුණ හා දේශගුණ සේවා වඩාත් ප්‍රායෝගික හා කාර්යක්‍ෂම භාවිතාවන් සඳහා අවශ්‍ය පහසුකම් සම්පාදනය කිරීමට කටයුතු කර ඇති බවත්, මෙම අවස්ථාව ආමන්ත්‍රණය කරමින් නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යයවරයා සඳහන් කළා.

මෙම සැමරුම් දින උත්සවය සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් (විශ්‍රාමික) එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, කෘෂිකර්ම, පසු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශ ලේකම් ඩී. පී. වික්‍රමසිංහ, ආපදා කළමනාකරණ අංශයේ අතිරේක ලේකම් කේ ජී ධර්මතිලක, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජනරාල් (විශ්‍රාමික) මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය ආසිරි කරුණාවර්ධන, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් අජිත් ගුණසේකර යන මහත්වරුන් ද, ආපදා කළමනාකරණ අංශයේ සැළසුම් අංශයේ අධ්‍යක්‍ෂ ජනරාල් සහ අධ්‍යක්‍ෂ ආපදා කළමනාකරණ අංශයේ ප්‍රධාන මූල්‍ය නිලධාරි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සිට විශ්‍රාම ගිය හිටපු අධ්‍යක්‍ෂ ජනරාල්වරු, අධ්‍යක්‍ෂවරු, නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරු සහ කාලගුණ විද්‍යාඥයින් මෙන්ම, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද, සහභාගි වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32