ශ්‍රී ලංකා – චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරය අමාත්‍ය බිමල්ට

දසවන පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා – චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට සභානායක, ප්‍රවාහන මහාමාර්ග, වරාය, හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා තේරී පත් ව තිබෙනවා.

පාර්ලිමේන්තු සන්නිවේදන අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ; ශ්‍රී ලංකා – චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය නැවත ස්ථාපිත කිරීම සඳහා වන රැස්වීම පසුගිය 21 වන කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පැවැත්වූ බවයි.

මෙම අවස්ථාවට ප්‍රධාන අරධිතා ලෙස ශ්‍රී ලංකාවේ චීන තානාපති ක්‍යි ශේන්හොන්ග් (Qi Zhenhong) මහතා සහභාගී වුණා.

මේ අතර ශ්‍රී ලංකා – චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර තේරී පත් වුණා.

මෙහිදී අදහස් දැක්වූ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා, චීනය සහ ශ්‍රී ලංකාව අතර සියවස් ගණනක සිට පවත්වාගෙන එනු ලබන දිගුකාලීන ද්විපාර්ශ්වික සංස්කෘතික,දේශපාලන සබඳතාවය සිහිපත් කළා.

පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය මෙම සබඳතා වැඩි දියුණු කිරීම සඳහා වැදගත් වේදිකාවක් බව ඔහු තවදුරටත් පෙන්වා දුන්නා.

දෙපාර්ශ්වයට ම උපරිම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ආර්ථික, වෙළද.අධ්‍යාපන, තාක්ෂණික වැනි ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට සමීපව කටයුතු කිරීමේ වැදගත්කමත් ඒ සදහා මෙම සංගමයේ නව වගකීම්වලට පවත්වන නිලධාරීන් ක්‍රියාශීලිව වැඩකටයුතු කළ යුතු බවත් කතානායකවරයා සිහිපත් කළා.

මෙම අවස්ථාවට එක්වෙමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති ශේන්හොන්ග් (Qi Zhenhong) මහතා මිත්‍රත්ව සංගමය ඔස්සේ දෙරට අතර
අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍රවල සබඳතා ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56