ශ්‍රී ලංකා – චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරය අමාත්‍ය බිමල්ට

දසවන පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා – චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට සභානායක, ප්‍රවාහන මහාමාර්ග, වරාය, හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා තේරී පත් ව තිබෙනවා.

පාර්ලිමේන්තු සන්නිවේදන අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ; ශ්‍රී ලංකා – චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය නැවත ස්ථාපිත කිරීම සඳහා වන රැස්වීම පසුගිය 21 වන කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පැවැත්වූ බවයි.

මෙම අවස්ථාවට ප්‍රධාන අරධිතා ලෙස ශ්‍රී ලංකාවේ චීන තානාපති ක්‍යි ශේන්හොන්ග් (Qi Zhenhong) මහතා සහභාගී වුණා.

මේ අතර ශ්‍රී ලංකා – චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර තේරී පත් වුණා.

මෙහිදී අදහස් දැක්වූ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා, චීනය සහ ශ්‍රී ලංකාව අතර සියවස් ගණනක සිට පවත්වාගෙන එනු ලබන දිගුකාලීන ද්විපාර්ශ්වික සංස්කෘතික,දේශපාලන සබඳතාවය සිහිපත් කළා.

පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය මෙම සබඳතා වැඩි දියුණු කිරීම සඳහා වැදගත් වේදිකාවක් බව ඔහු තවදුරටත් පෙන්වා දුන්නා.

දෙපාර්ශ්වයට ම උපරිම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ආර්ථික, වෙළද.අධ්‍යාපන, තාක්ෂණික වැනි ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට සමීපව කටයුතු කිරීමේ වැදගත්කමත් ඒ සදහා මෙම සංගමයේ නව වගකීම්වලට පවත්වන නිලධාරීන් ක්‍රියාශීලිව වැඩකටයුතු කළ යුතු බවත් කතානායකවරයා සිහිපත් කළා.

මෙම අවස්ථාවට එක්වෙමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති ශේන්හොන්ග් (Qi Zhenhong) මහතා මිත්‍රත්ව සංගමය ඔස්සේ දෙරට අතර
අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍රවල සබඳතා ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?