නවසීලන්තයට ආසන්න දූපතක ප්‍රබල භූකම්පනයක්

නවසීලන්තයට අයත් දූපතක ප්‍රබල භූකම්පනයක් සිදුව තිබෙනවා.

රික්ටර් මාපකයේ 6.7 ක ප්‍රබලත්වයකින් යුතු මෙම භූමිකම්පාවෙන් පසු නවසීලන්ත වෙරළබඩ ප්‍රදේශවලට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි වාර්තා වුණේ.

ඒ, අනුව වෙරළබඩ ප්‍රදේශවලින් ජනතාවට ඉවත් වන ලෙසට ද දැනුම් දී තිබෙනවා.

නවසීලන්ත උප ඇන්ටාක්ටික් දූපත්වල උතුරු කෙළවර වන ස්නාරස් දූපත්වලට වයඹ දෙසින් කිලෝමීටර් 160ක් පමණ දුරින් කිලෝමීටර් 33ක් ගැඹුරකින් මෙම භූමිකම්පාව සිදුව ඇති බවයි වාර්තා වන්නේ.