ඉතිහාසයේ පළමු වරට ඔලිම්පික් කමිටුවේ සභාපති පුටුව කාන්තාවකට

ඉතිහාසයේ පළමු වරට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ (IOC) නව සභාපතිවරයා ලෙස සිම්බාබ්වේ ක්‍රීඩා අමාත්‍ය ක්‍රිස්ටි කොවෙන්ට්‍රි (Kirsty Coventry) තේරී පත් ව තිබෙනවා.

බීබීසී ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ ඇය මෙම තනතුරට පත් වූ පළමු අප්‍රිකානු සභාපතිනය ද වන බවයි.

බ්‍රිතාන්‍යයේ ලෝඩ් කෝ ඇතුළු පිරිමි අපේක්ෂකයින් හය දෙනෙකු පරාජයට පත් කරමින් ඇය මෙම තනතුරට තේරීපත් වීම ද විශේෂත්වයක්.

හිටපු පිහිනුම් ක්‍රීඩිකාවක් වන ක්‍රිස්ටි සිය ඔලිම්පික් ක්‍රීඩා දිවියේ දී රන් පදක්කම් දෙකක් දිනාගත් අයෙක්.

41 හැවිරිදි වියෙහි පසුවන ක්‍රිස්ටි ඊයේ (20) පැවති මැතිවරණයේ පළමු වටයේ දී ලබාගත හැකි ඡන්ද 97 න් 49 ක බහුතරයක් ලබා ගත් අතර, ලෝක මලල ක්‍රීඩා ප්‍රධානී කෝ දිනා ගත්තේ 08ක් පමණි.

2013 සිට IOC නායකත්වය දුන් තෝමස් බැච් වෙනුවට සිම්බාබ්වේ ක්‍රීඩා අමාත්‍ය කොවෙන්ට්‍රි ජුනි 23 වන දින පත් කරනු ලබන අතර සංවිධානයේ වසර 130ක ඉතිහාසයේ ළාබාලතම සභාපතිවරයා වනු ඇති.

ඇගේ පළමු ඔලිම්පික් උලෙළ 2026 පෙබරවාරි මාසයේ මිලාන් – කෝර්ටිනා ශීත ඍතු ක්‍රීඩා උලෙළ වන බවයි වාර්තා වන්නේ.

උපසභාපති බවට ජුවාන් ඇන්ටෝනියෝ සැමරන්ච් ජූනියර් පත්වුණේ ඡන්ද 28ක් දිනා ගනිමින්.

IOC විධායක මණ්ඩලයේ දැනටමත් වාඩි වී සිටින සහ බැච්ගේ ප්‍රියතම අපේක්ෂකයා යැයි කියනු ලබන කොවෙන්ට්‍රි, ක්‍රීඩාවේ ඉහළම තනතුර දරන 10 වන පුද්ගලයා වන අතර අවම වශයෙන් ඉදිරි වසර අට සඳහා එම තනතුරේ සිටිනු ඇති බවයි පැවසෙන්නේ.

2004 සහ 2008 ක්‍රීඩා උළෙල දෙකෙහිම මීටර් 200 පසුපස ආර ඉසව්වේ රන් ඇතුළුව සිම්බාබ්වේ ඔලිම්පික් පදක්කම් අටෙන් හතක්ම කොවෙන්ට්‍රි දිනා ඇත.

වසර ගණනාවකට පෙර සිම්බාබ්වේ හි පිහිනීම ආරම්භ කළ තරුණියට මේ මොහොත ගැන සිහිනෙන්වත් සිහිනෙන්වත් නොසිතන්නට ඇත,” කොවෙන්ට්‍රි පැවසීය.

“IOC හි පළමු කාන්තා සභාපතිනිය වීම ගැන මම විශේෂයෙන් ආඩම්බර වෙමි, එසේම අප්‍රිකාවෙන් පැමිණි පළමු කාන්තාව ද වීම මට මහත් ආඩම්බරයක්..” යනුවෙන් ක්‍රිස්ටි කොවෙන්ට්‍රි සඳහන් කළා.

කාන්තා ක්‍රීඩාව ආරක්ෂා කිරීම කෙරෙහි ඇය විශේෂ අවධානයක් යොමු කළ අතර, සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට කාන්තා ඔලිම්පික් ක්‍රීඩාවට තරග කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට සහාය වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38