Empty Ad
AFC Banner
Empty Ad

ආසියානු ලෙජන්ඩ්ස් පිටියේ තිසරගෙන් හයේ වැස්සක් – අවසන් පන්දුවාරයට හයේ හයක් (වීඩියෝ)

ආසියානු ලෙජන්ඩ්ස් 20-20 තරගාවලියේ ඇෆ්ගනිස්ථාන් පතාන්ස් කණ්ඩායම සමඟ පැවති තරගය ජයගන්නට ශ්‍රී ලංකන් ලයන්ස් කණ්ඩායමට හැකියාව ලැබුණා.

ඊයේ (15) පැවති මෙම තරගය ශ්‍රී ලංකාව ජයගත්තේ ඇෆ්ගනිස්ථාන් පතාන්ස් කණ්ඩායම ලකුණු 26කින් පරාජය කරමින්.

මෙම තරගයේ පළමු පන්දුවට පහර දුන් ශ්‍රී ලංකන් ලයන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 03කට ලකුණු 230ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

එහිදී ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කළ නායක තිසර පෙරේරා පන්දු 36ක් තුළ නොදැවී ලකුණු 108ක් රැස් කළා.

ඔහුගේ මෙම සුපිරි ඉනිමට හයේ පහර හයේ පහර 13ක් ඇතුළත් වූ අතර, ඇෆ්ගනිස්ථාන ක්‍රීඩක අයියන් ඛාන්ට යැවූ ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පන්දුවාරයට හයේ පහර හයක් එල්ල කරන්නට තිසර පෙරේරාට හැකියාව ලැබුණා.

අනතුරුව ලකුණු 231ක ඉලක්කයක් හඹා ගිය ඇෆ්ගනිස්ථාන් පතාන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවී රැස්කළේ ලකුණු 204ක් පමණයි.

ඒ, අනුව මෙම තරග ලකුණු 26කින් ජයගන්නට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
16
+1
2
+1
18
+1
9
+1
1
+1
4
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?