බෝග වගාවන්ට හානි කරන වන සත්ව සංගණනය අද

දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත වන සත්ව සංගණනය අද (15) දිනයේ සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඒ, අනුව අද (15) පෙරවරු 8.00 සිට පෙරවරු 8.05 දක්වා විනාඩි 05ක කාලයක් සංගණනය පැවැත්වීමට නියමිතයි.

බෝග වගාවන්ට හානි කරන වඳුරා, රිලවා, මොණරා සහ දඬුලේනා යන සත්ව කාණ්ඩ හතර මෙම සංගණනයේ දී සැළකිල්ලට ගනු ලබනවා.

මෙම සංගණනයට අදාළ තොරතුරු සටහන් කිරීම සඳහා තොරතුරු සටහන් කිරීමේ විශේෂ පත්‍රිකාවක් දිවයින පුරා බෙදාහැරීමේ කටයුතු කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවේ.

අදාළ පත්‍රිකාව ලැබී නොමැති නම් ඒ පිළිබඳව කලබල නොවී අදාළ කාලය තුළ පැමිණෙන සතුන් පිළිබඳව යම් සටහනක් තබා ගන්නා ලෙසයි කෘෂිකර්ම අමාත්‍යාංශය දැනුම් දෙන්නේ.

මේ අතර බෝග වගාවන්ට හානි කරන වන සත්ත්ව සංගණනය වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍යාංශ පරිශ්‍රයේ මෙහෙයුම් මැදිරියක් ද ස්ථාපිත කර තිබෙනවා.

මෙම සංගණනයේ දී යම් ගැටළුවක් පැන නැගුණහොත් ස්ථාපිත කර ඇති මෙම මෙහෙයුම් මැදිරියේ දුරකථන අංක 011 2034336 අංකය අමතා විමසීම් කළ හැකියි.

ප්‍රජා සහභාගීත්වයෙන් සිදුකරනු ලබන මෙම සංගණනයට අදාළ කාලය තුළ සහයෝගය පළ කරන ලෙස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇයි අපි නාමල්ට ශක්තියක් වෙන්නේ ?එහෙම කියන්න පුළුවන්ද අපි කතා කරන ඒවා
02:33
Video thumbnail
වීරයෝ තැනීම ගැන රාජිත කියයි - සියලු බලවේග එකතු කිරීම ගැන කතා කළා
02:50
Video thumbnail
හිරගෙවල්වල දාලා නාමල්ගේ නැගිටීම නවත්තන්න බෑ - පොහොට්ටුවට හැමදාම මහින්ද ආශිර්වාද කළා
03:50
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධ රැස්වීම්වලට ජනතාව ගිහින් එකතු වෙන්න..නිදහස් සෞඛ්‍යයට තමයි අත තියන්න යන්නේ
05:49
Video thumbnail
මාධ්‍ය මග හැර ගිය චාමර - "මල්ලි මගෙන් වොයිස් කට් ගන්න එපා...මම අලුත් කෙනෙක්"
00:43
Video thumbnail
අතුරුගිරිය රත්කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:44
Video thumbnail
අතුරුගිරිය වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - පන්නගෙන ගිහින් තියන්නේ
00:48
Video thumbnail
අස්වැසුම කෝටි 2කට අධික මුදලක් වංචා කළ ගුරුවරු 6ක් සේවයෙන් පහ කරයි
00:31
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මහ පාරේ රේස් යන ඩ්‍රයිවර්ලා
01:10
Video thumbnail
නිල සංචාරයකට දිවයිනට ආ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං
00:48