නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනී නිශාරා ජයරත්න, තනතුරට සමු දීමට තීරණය කරයි

නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනී ලෙස පුරා වසර දෙකක කාලයක් තුළ කළ සේවය මැයි 24 වන දායින් පසුව අවසන් කරන බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න පවසනවා.

ජනතාව දැන ගත යුතු සංවේදී තොරතුරු නීතිපති දෙපාර්තමේන්තුව හරහා ජනතාව වෙත සන්නිවේදනය කිරීමේ අරමුණ ඇතිව නීතිපතිපතිවරයාගේ සංකල්පයකට අනුව ඉකුත් 2019 මැයි මස 21 වන දින නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනිය ලෙස තමා පත් කළ බව නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.

වසර 136ක කාලයක් පුරාවට නීතිපති දෙපාර්තමේන්තුවේ මෙවැනි තනතුරක් ස්ථාපනය කර නොතිබූ බවත් පළමු වරට නීතිපති දෙපාර්තමේන්තුවේ තොරතුරු සාමාන්‍ය ජනතාව වෙත සන්නිවේදනය කිරීම හා මහජන විශ්වාසය ඇති කිරීමට මෙවැනි තනතුරක් එක් කිරීම නීතිපතිවරයාගේ අභිලාෂය වූ බව අධිනීතිඥවරිය සදහන් කළා ය.

ජනතාවට අවබෝධ වන අයුරින් නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්යභාරය හා එහි බලය විනිවිදභාවයෙන් විධිමත් ලෙස ලබා දීමට තම ආයතනය මෙන් ම නව තනතුර ද භාවිතයට ගෙන පුරා වසර දෙකක කාලයක් තුළ ඉතාමත් කැපවීමෙන් කටයුතු කළ බව අධිනීතිඥවරිය අප හා පැවසීය.

එම වසර දෙකක කාලය පුරා තම සේවය නොබියව කාර්යක්ෂමව ජනතාව වෙත ලබා දීමට කටයුතු කිරීමට මෙම තනතුරට පත් කළ නීතිපතිවරයා වෙත බෙහෙවින් ස්තූතිවන්ත වන බව පැවැසූ ජයරත්න මෙනවිය මෙම කටයුතු සිදු කිරීමට සහාය ලබා දුන් ජන මාධ්‍ය සියල්ලට ම තම ස්තූතිය පුද කරන බව ද පැවසීය.

අධිනීතිඥවරිය සඳහන් කළේ, ලබන 24 වන දින නිල වශයෙන් සේවයෙන් ඉවත් වන තෙක් තම රාජකාරිය ඉටු කරන බවය.

වසර 136ක නීතිපති දෙපාර්තමේන්තු ඉතිහාසයේ ප්‍රථම වරට නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනී තනතුර 2019 මැයි මස 21 වන දින ආරම්භ කළ අතර නීතිපතිවරයා විසින් එම තනතුර සඳහා නිශාරා ජයරත්න මෙනවිය පත් කර තිබිණි.

ඒ අනුව, නිශාරා ජයරත්න මෙනවිය අද දක්‌වා මාධ්‍ය සමග සහයෝගයෙන් නීතිපතිවරයාගේ නියෝග මෙන් ම නඩු කටයුතු පිළිබඳ තොරතුරු ද ජනතාව වෙත සන්නිවේදනය කිරීමට කටයුතු කළා ය.

මේ අතර, නීතිපති දප්පුල ද ලිවේරා මහතාගේ ධූර කාලය ද එළඹෙන මැයි 24 වන දා අවසන්වීමට නියමිතය.

උපුටා ගැනීම – හංසි නානායක්කාර

මව්බිම පුවත්පත



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15