මවගේ සිරුරෙහි යකා එලවීමට පුතු, දුව හා ලේලිය එක්ව කළ ආනන්තරීය පාපය

තම බිරිඳට දරුවන් නොලැබීමට හේතුව සිය මවගේ ශරීරයේ සිටින යක්ෂයෙකු බව කට්ටයෙකු පැවසීමෙන් පසු එම පුත්‍රයා විසින් 55 හැවිරිදි වියෙහි පසූ මව අමානුෂික අන්දමින් ඝාතනය කර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ අදාළ මරණකාරියගේ මුඛයට රෙදි කැබලි ඔබා, අත් පා ද ගැටගසා ගිනි තබා ඝාතනය කර ඇති බවයි.

මෙම සිදුවීම ඊයේ (11) සිදු ව ඇත්තේ දඹගල්ල – දැලිව ගම්මානයේ දියි.

මව ඝාතනය කිරීමට පුත්‍රයාගේ බිරිඳ හා නැගණිය ද හවුල් වී තිබෙනවා.

මේ වනවිට සැකකරුවන් දඹගල්ල පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ හත් දරු මවක් වන කේ.එම් පුංචි මැණිකා නමැති කාන්තාවක්.

මාර්තු 10 වැනි දා රාත්‍රියේ දී මවගේ ශරීරයේ සිටින යක්ෂයා එලවා දැමීමට යාගයක් කර ඇති බවත්, එහිදී ඝාතකයින් අතරින් එක් අයෙක් ආරූඪ වී මරණකාරියව ඝාතනය කිරීම සිදු කර ඇත්තේ ඇයගේ ගෙල මිරිකා, උදැල්ලකින් හා මිටියකින් පියයුරුවලට පහර දී පියයුරු මතට රෙදි කැබලි දමා ගිනි තබා, දැවී ගිය සිරුර ජලයෙන් සෝදා නිවස නිරුවත් ව තබා රෙදි කැබැල්ලකින් වසා තිබියදී පොලිසියට ලද තොරතුරක් මත සැකකරුවන් අත් අඩංගුවට ගැනුණා.

අත්අඩංගුවට ගත් මියගිය කාන්තාවගේ පුතා, දියණිය සහ ලේලිය මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
0
+1
0
+1
9
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?