වෛද්‍යවරියගේ අනන්‍යතාව සුරකින්න – ජනමාධ්‍ය ඇමති විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයෙන් ඉල්ලයි (වීඩියෝ)

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට සිදු වූ අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විශේෂ ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

අමාත්‍යවරයා සිය නිල X ගිණුමෙහි සටහනක් තබමින් කියා සිටින්නේ අදාළ ඉරණමට මුහුණ පෑ වෛද්‍යවරියගේ අනන්‍යතාව හෙළි කිරීමෙන් සියලු මාධ්‍ය ආයතන වැළකී සිටිය යුතු බවයි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා නිකුත් කළ X සටහන පහතින්;

”අනුරාධපුර ශික්ෂණ රෝහලේ ඊයේ සිදු වූ අවාසනාවන්ත සිදුවීමට සම්බන්ධ වෛද්‍යවරියගේ අනන්‍යතාව හෙළි කිරීමෙන් වැළකී සිටීමෙන් ඇයගේ පෞද්ගලිකත්වයට ගරු කරන ලෙස මම සියලුම මුද්‍රිත හා ඩිජිටල් මාධ්‍යවලින් කාරුණිකව ඉල්ලා සිටිමි.” (I kindly urge all print and digital media to respect the privacy of the lady doctor involved in the unfortunate incident at Anuradhapura Teaching Hospital yesterday by refraining from disclosing her identity) යනුවෙන්.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් ඇයගේ නේවාසිකාගාරය තුළ දී නාඳුනන පුද්ගලයෙකුගේ ලිංගික හිංසනයට ලක් වුණා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් සැකකරු අත් අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් 05ක් පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති අතර මෙම සැකකරු හමුදාවෙන් පලා ගිය අයෙකු බවටයි හෙළි ව ඇත්තේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් එම සැකකරුව කඩිනමින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙසත්, නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලා එම රෝහලේ වෛද්‍යවරු අත්‍යවශ්‍ය සේවාවන් හැර අනෙකුත් සියලුම වෛද්‍ය සේවාවලින් ඉවත් ව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:26
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අගමැතිතුමියත් අවසන් ගෞරව දක්වයි
01:04
Video thumbnail
ගලබොඩ අත්තේ හිමිගේ පන්සලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා ජීවිතය අ#සන් කරගනී
00:57
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:30
Video thumbnail
වියානා ඇළේ නාන්න ගිය පුංචි දරුවෙක් අතුරුදන්
00:51
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
08:39:27
Video thumbnail
කොස්ගොඩ සුජීගේ කෝටි 3ක් වටිනා දේපළ තහනම් කරයි
02:11
Video thumbnail
සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්ථාව බාලගිරි දෝෂය වගේ - සොච්චම් වැටුපකට වැඩ කරන්නේ
07:59
Video thumbnail
අනේ දෙයියනේ රටට වෙච්ච දෙයක්.. මේ හාමුදුරුවෝ දානෙට ගෙදරට වඩම්මන විදිහ.. කොහොමද තාලේ..
00:41
Video thumbnail
විජයදාස කියන්නේ දේශ ද්‍රෝහියෙක් ? - වෙන රටවලට වැඩ කරනවා - මෙන්න කට්ටිය යන Trip
12:01