Empty Ad
AFC Banner
Empty Ad

වෛද්‍යවරියක් දූෂණය කිරීමේ සිද්ධියක් ගැන විමර්ශන ඇරඹෙයි

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් ව නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියක් පෙන්වා තර්ජනය කර ඇය ව ලිංගික හිංසනයට ලක් කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

මෙම සිදුවීම ඊයේ (10) පස්වරු 6.30-7ත් අතර කාලයේ දී සිදු ව ඇති බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

සිද්ධියට මුහුණ පෑ වෛද්‍යවරිය 32 හැවිරිදි වියෙහි පසුවන්නියක් බව ද වාර්තා වනවා.

ඇය දිනයේ රාජකාරී කටයුතු අවසන් කර වෛද්‍යවරුන්ට රජය විසින් ලබාදෙනු ලැබූ නේවාසිකාගාරයට ගොස් ඇති අතර එහිදී ඇය මෙම හිංසනයට ලක් ව ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.

කෙසේවෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් අනුරාධපුර පොලිස් ස්ථානය විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවා.

මෙම සිදුවීම පිළිබඳ ව පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් කළ විමසීමක දී එහි සිටින උසස් පොලිස් නිලධාරිණියක් පැවසුවේ එවන් සිදුවීමක් වාර්තා වී ඇති බවත් මෙතෙක් ඒ ගැන සම්පූර්ණ කරුණු කිසිවක් නොලැබී ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?