බිරිඳයි දූවරු තිදෙනයි එකතුවෙලා පියාට දසවද දෙන හැටි සමාජ මාධ්‍ය කලඹයි – මරණය ගැනත් සැකයක් (වීඩියෝ)

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි පුද්ගලයෙක් ගෙළ වැළලාගෙන සියදිවි හානිකර ගැනීමෙන් දින කිහිපයකට පසු; ඔහුගේ බිරිඳ ඔහුව අල්ලාගෙන සිටියදී ඔහුගේ දියණියන් ඔහුට පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ පළකර තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මෙම වීඩියෝවෙන් පසු; ඔහු සියදිවි නසා ගැනීමෙන් මිය ගියා ද නැතහොත් ඝාතනය කළා ද යන්න පිළිබදව පොලිසියට සැකයක් මතුව ඇති බවයි.

මෙලෙස මියගොස් ඇති හරේන්ද්‍ර මෞර්ය නැමැති පුද්ගලයාගේ දේහය මරණ පරීක්ෂණය සඳහා යොමු කිරීමටයි මේ වනවිට කටයුතු කර ඇත්තේ.

විදුලි කාර්මිකයෙකු වන මෙම පුද්ගලයා දියණියන් තිදෙනෙකුගේ සහ පුතෙකුගේ පියෙක් වනවා.

අසල්වැසියන් සහ ඔහුගේ ඥාතීන් පවසන්නේ මෙම පුද්ගලයා සහ බිරිඳ අතර නිරන්තරයෙන් ගැටුම් ඇතිවන බවයි.

පසුගිය පළමු වනදා දින ඔහු තම දියණියන් දෙදෙනෙකුගේ විවාහ මංගල්‍යයන් සිදුකර ඇති අතර, එම විවාහයෙන් ටික දිනකට පසු, ඔහුගේ බිරිඳ පවසා ඇත්තේ තමන්ට ඔහුගෙන් වෙන්වී ජීවත්වීමට අවශ්‍ය බවයි.

මේ සමඟ කලකිරී නිවසක කාමරයකට වී හුදෙකලාව සිටි හරේන්ද්‍ර කාමරය තුළ එල්ලී සියදිවි හානිකරගෙන සිටිය දී සොයාගත් බවයි පවුලේ සාමාජිකයින් පොලිසියට පවසා ඇත්තේ.

ඔහුගේ මරණයෙන් පසු අසල්වැසියන් චෝදනා කළේ හරේන්ද්‍ර සියදිවි නසාගෙන මිය ගියේ නිවසේ නිතර ඇති වන ආරවුල් හේතුවෙන් බවයි.

කෙසේ වෙතත්, ඔහුගේ මාමණ්ඩියන් චෝදනා කළේ ඔහුව ඝාතනය කර ඇති බවයි.

අදාළ වීඩියෝව සමාජ මාධ්‍යයේ සංසරණය වීමත් සමඟ හරේන්ද්‍රගේ මරණය පිළිබඳව පොලිසියට ද මේ වනවිට සැකයක් මතුව තිබෙනවා.

මේ අතර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරිනී දීපාලි චන්දෝරියා පැවසුවේ, මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ග්වාලියර් වෛද්‍ය විද්‍යාලයට යවා ඇති බවත්, වාර්තාව මත පදනම්ව ඉදිරි පියවර ගන්නා බවයි.

එම වීඩියෝව සඳහා මෙතැනින් පිවිසෙන්න (සංවේදී දර්ශන සහිතයි)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
6
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩි මිලට ඉන්ධන ගැනීම ගැන සජිත්ගෙන් සැර කතාවක් - රටේ සංචිතවලට අගතිගාමී බලපෑමක් වෙලා
19:49
Video thumbnail
FIFA 2026 තව තවත් උණුසුම් වෙයි - ප්‍රබල ජර්මනියට සහ අමෙරිකාව අන්ත අසරණ වෙයි
02:06
Video thumbnail
ගර්භණී කාලයේ මවකට හෙරෝයින් නිරාවරණය වුණොත් වෙන දේ මෙන්න - උපතින් හෙරෝයින්වලට ඇබ්බැහිවෙලා උපදින්නේ
02:18
Video thumbnail
දෙමව්පියෝ දරුවන්ගේ වැරදි වහනවා..වැරැද්ද පෙන්නුවනම් බන්ධනාගාරයේ මෙච්චර නෑ
03:56
Video thumbnail
බන්ධනාගාරයේ ඇත්තටම සිදුවෙන දේ මෙන්න..ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එළියට - මිනිස්සුන්ව යුද්දයට යැව්වා
09:11
Video thumbnail
ලියනගේමුල්ලේ සිදුවූ බිහුසුණු අනතුර - ත්‍රීවිල් රථ රියදුරුට බරපතළ තුවාල - සංවේදි අය නැරඹීමෙන් වළකින්න
02:16
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:14:00
Video thumbnail
මත්ද්‍රව්‍යට ඇබ්බැහි වුණ කෙනා ලි#ගිකව එක්වීමේ කැමැත්තක් නෑ - මනුස්සයාගේ සතුටේ සීමාවන් කොටු කරගන්නවා
04:19
Video thumbnail
ළමා මනසට මත්ද්‍රව්‍ය රකුසා ඇතුළු වෙන හැටි කිව්ව නි.පොලිස්පති - ආදරය පිරෙව්වනම් ඇතුළු වෙන්නේ නෑ
03:53
Video thumbnail
දොඩම්ගොඩදී වාහන 5ක් ගැටී බිහිසුණු අනතුරක් - මෙන්න දැන් ලැබුණු දර්ශන
00:44