2025 අයි.පී.එල් තරගාවලිය තුළ දුම්කොළ සහ මධ්‍යසාර ප්‍රචාරණය තහනම් කරන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.
ඉන්දීය මධ්‍යම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉන්දීය ප්‍රිමියර් ලීග් සංවිධායකයින්ගෙන් මෙම ඉල්ලීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
එම බව දැනුම් දෙමින් අයි.පී.එල් සභාපති අරුන් සිං ධුමාල් වෙත ඉන්දීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලිපියක් යොමුකර තිබෙනවා.
ඉන්දීය ප්‍රිමියර් ලීගය ඉන්දියාවේ වැඩිපුරම නරඹන ක්‍රීඩා ඉසව්ව වන අතර, ක්‍රීඩා හා සම්බන්ධ ඕනෑම වේදිකාවක දුම්කොළ සහ මත්පැන් සෘජුව හෝ වක්‍රව ප්‍රවර්ධනය කිරීම තහනම් කරන ලෙසයි අදාළ ලිපිය මඟින් අවධාරණය කර ඇත්තේ.
ක්‍රීඩාංගණ පරිශ්‍රය තුළ මෙන්ම රූපවාහිනියේ තරග විකාශනය වන අතර තුර ද ආදේශක දැන්වීම් ඇතුළුව සියලු ආකාරයේ දුම්කොළ හා මත්පැන් ප්‍රචාරණ තහනම් කිරීම පිළිබඳ රෙගුලාසි දැඩි ලෙස ක්‍රියාත්මක කරන ලෙසයි අයි.පී.එල් බලධාරීන්ගෙන් ඉල්ලා ඇත්තේ.