රට නව පුනරුදයක් කරා ගෙන යන ගමනට එක්වන ලෙසට ජනපතිගෙන් කාන්තා පරපුරට ආරාධනා

ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමානාත්මතාවය උදෙසා සමාජ සාධාරණත්වය ඉටුකරමින් වත්මන් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය වූ නිෂ්පාදන ආර්ථික ක්‍රියාවලියට මෙරට ජනගහනයෙන් 51.7%ක් වන කාන්තාවන් සක්‍රීයව හා ඵලදායීව සහභාගී කර ගැනීමේ සැලසුම් ක්‍රියාවට නංවා ඇති බව ජකධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

අදට දී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් විශේෂ සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කරනවා.

එමෙන්ම සාධාරණ සමාජයක්, නිවහල් රටක් සහ නිදහස් ස්ත්‍රියක් යන අභිලාෂය සාක්ෂාත් කරමින් නිවස, ප්‍රවාහනය, ප්‍රජාව, වැඩබිම, දේශපාලනය ආදී සෑම ස්ථානයකම කාන්තාවට සිදුවන සියලුම ආකාරයේ හිංසනයන්ට, වෙනස්කර සැලකීමට එරෙහිව කටයුතු කරමින් කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කර ප්‍රවර්ධනය කිරීමට අත්‍යාවශ්‍ය වෙනස්කම් සිදුකිරීමට ද රජයක් ලෙස ප්‍රමුඛත්වය දී ඇති බවයි ජනාධිපතිවරයා එම සුබ පැතුම් පණිවුඩයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ.

“ජාත්‍යන්තර කාන්තා දිනය සැබවින්ම කාන්තා අයිතිවාසිකම් සඳහා වන ව්‍යාපාරයේ ජයග්‍රහණයකි. වැඩ කරන පැය ගණන අඩු කිරීම, වඩා හොඳ වැටුප් සහ ඡන්ද අයිතිය ඉල්ලා කාන්තාවන් 15,000ක් පමණ නිව්යෝර්ක් නගරයේ සිදු කළ පා ගමන කාන්තා දිනය පිළිබඳ සංකල්පීය ඇරඹුමයි. 1917 පෙබරවාරි විප්ලවයට පදනම වූ රුසියානු කාන්තාවන් “පාන් සහ සාමය” ඉල්ලා වැඩවැරූ දිනය වන මාර්තු 08 දිනය, පසුකාලීනව ජාත්‍යන්තර කාන්තා දිනය බවට පත් විය.
පසුගිය කාලය පුරා අප රටෙහිද කාන්තා දින සැමරුම් පවත්වමින් බොහෝ සංවාද හා කතිකා ගොඩනැඟුවද වේදිකාවට පමණක් සීමා වූ එම කතාබහ මහපොළොවේ යථාර්ථයක් ලෙස රෝපණය නොවීය. ජාතික ජනබලවේගය ආණ්ඩුව ගොඩනැඟීමෙහි ලා ශ්‍රී ලාංකික කාන්තාව දුන් දායකත්වය අතිමහත්ය. ඒ මහා කාර්යයට රජයක් ලෙස අපගේ කෘතගුණ පෙරළා පිරිනමන අතරම, ගෙවී ගිය කෙටි කාලය තුළ ශ්‍රී ලාංකික කාන්තාවට ජයග්‍රහණ රැසක් අත්කර දීමට අවැසි මුල් පියවර අප තැබූ බවද සිහිපත් කරමි.
දශක ගණනාවක් පුරා සාකච්ඡාවට පමණක් බඳුන් වූ කාන්තාවගේ දේශපාලන නියෝජනය, සහභාගිත්වය සහ භූමිකාව ඉහළ නංවමින් පසුගිය මහ මැතිවරණයේදී කාන්තාවන් විසි දෙදෙනකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ලෙස තේරී පත්වීම මෙරට දේශපාලනයේ හැරවුමක් බව අවිවාදිතය.
එසේම, ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමානාත්මතාවය උදෙසා සමාජ සාධාරණත්වය ඉටුකරමින් ජාතික ජන බලවේගය ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය වූ නිෂ්පාදන ආර්ථික ක්‍රියාවලියට මෙරට ජනගහනයෙන් 51.7%ක් වන කාන්තාවන් සක්‍රීයව හා ඵලදායීව සහභාගි කර ගැනීමේ සැලසුම් අපි ක්‍රියාවට නංවා ඇත්තෙමු. සාධාරණ සමාජයක්, නිවහල් රටක් සහ නිදහස් ස්ත්‍රියක් යන අභිලාෂය සාක්ෂාත් කරමින් නිවස, ප්‍රවාහනය, ප්‍රජාව, වැඩබිම, දේශපාලනය ආදී සෑම ස්ථානයකම කාන්තාවට සිදුවන සියලුම ආකාරයේ හිංසනයන්ට, වෙනස්කර සැලකීමට එරෙහිව කටයුතු කරමින් කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කර ප්‍රවර්ධනය කිරීමට අත්‍යාවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීමට අපි රජයක් ලෙස ප්‍රමුඛත්වය දී ඇත්තෙමු.
ඒ අනුව “සියලු කාන්තාවන් හා ගැහැනු දරුවන් සඳහා සමානාත්මතාව, අයිතිවාසිකම් සහ සවිබල ගැන්වීම යන තේමාව යටතේ” තැනුමට තිරසර හෙටක් – සවිමත් ඇය වේ මගක්” මැයෙන් මෙවර කාන්තා දිනය සංවිධානය කිරීමෙහි ප්‍රායෝගික හා අර්ථ සම්පන්න බව මෙහි ලා සිහිපත් කළ යුතුය.
දැයේ දියණිවරුන්ට සුරක්ෂිත ජීවිතයක් හා ශිෂ්ටසම්පන්න සමාජයක් ගොඩනැඟීම උදෙසා අප රට නව පුනරුදයක් කරා ගෙන යන ගමනට එක්වන ලෙස සමස්ත කාන්තා පරපුරට ආරාධනා කරමින්, ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් මාගේ උණුසුම් සුබපැතුම් පිරිනමමි.”

අනුර කුමාර දිසානායක
ජනාධිපති
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
2025 මාර්තු 08 වන දින

  1. Punarudayak???? mokak ganada oya kiyanna thatamanne Anura??? 88/89 punarudaya ganada?? gonibilla Punarudaya ganada??? oyalage jaraa gathi kawama daawath nathikaraganna baha oyalata.eka dan oppu karamin yanwa. Ayemath oyalata rawatenne naha. eka mathaka thiyaganna



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මළගෙදරට ගිය නාමල්ව මිනිස්සු වට කරගෙන Selfie ග#හයි - සුනිල් ආරියරත්නට හිනාවෙලා කිව්ව දේ
01:04
Video thumbnail
නිහඬ වූ යශෝරාවයට නාමල් රාජපක්ෂ අවසන් බුහුමන් දක්වයි - හඳවතට කතා කරපු කෙනෙක්
01:26
Video thumbnail
මාලනියට ගෞරව දක්වන්න ගිය ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ.."එතුමා නම් එනවම තමයි"
01:53
Video thumbnail
පොහොට්ටුවේ මීනු දෙයි ආණ්ඩුවට රිදෙන්න - යට ඇඳුමත් ඉල්ලගෙන ඇදපු JVP කාඩරේ අපිට උගන්නන්න එනවා
08:13
Video thumbnail
මාලනීය ගැන කියලා හඬා වැටුණු රසිකයා - අවු:50ක් ඇයගේ ගීත රස වින්දනය කළා..මගේ ප්‍රියතම ගායිකාව
01:15
Video thumbnail
සාරංග සහ දිනක්ෂි මාලනිය ගැන කිව්ව කතාව - කලා ලෝකයේ හැමෝටම දැනෙන පාඩුවක්..අපේ රටේ හඬ
03:20
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි - දසවන නියත විධායක ජනාධිපති නාමල් රාජපක්ෂ
01:04
Video thumbnail
මාලනියගේ හැරයාම ළඟ දුක දරාගත නොහැකිවූ සමිතා - "මගේ අම්මා හා සමානයි මට..ආදරය ලැබුවා"
02:49
Video thumbnail
දෑත් එකතු කරලා පේෂල නන්දාට කළ ප්‍රකාශය..මේ යුගයේ අපි හරි අවාසනාවන්තයි
01:07
Video thumbnail
ගම්මන්පිල මාලනී ගැන තැබූ සටහන - "එතුමිය පැතූ රට තවම හැදිලා නෑ.."
01:30