කොරෝනාවෙන් බේරෙන හොඳම ක්‍රමය ගැන ඔබ දැනුවත්ද?

කොරෝනා වෛරසයෙන් බේරීමට ඇති හොඳම ක්‍රමය වියදම් වැඩි පී.සී.ආර් පරික්ෂණවත් එසේ නැත්තම් රැපිඩ් ටෙස්ට්වත්, දැඩි සත්කාර ඒකක ඇඳන් වැඩි කිරීමවත්, වෙන්ටිලේටර්ස් දැමීමවත් නොව නාසය සහ කට වසාගෙන අත්දෙක පිරිසිදුව තියා ගැනීම කල යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නිරෝෂණ ප්‍රේමරත්න මහතා සඳහන් කරයි.

සාමාන්‍ය සර්ජිකල් මාස්ක් එකක 95%ක වැඩිය ආරක්ෂාවක් ඇති බවත් KN 95 මාස්ක් එකකින් ඊට වැඩිය ආරක්ෂාවක් ඇති බවත් මාස්ක් දෙකක් දැමීම මඟින් ඊට වඩා ආරක්ෂාවක් ලබා ගත හැකි බවත් ෆේස්ශිල්ඩ් එකක් දැමීම මඟින් එය ඊටත් වඩා ආරක්ෂාවක් ලැබෙන බව වෛද්‍යවරයා පවසයි.

හෙම්බිරිස්සාව, කැස්ස සමඟ රෝගීන් වාර්තා වන බවත් එම රෝගීන් වාර්තා වීම පුදුමයක් වන්නේ මාස්ක් වැනි දේ පැළදි සිටීම මඟින් එම රෝග වැළදීමේ හැකියාව නැති බැවිනි.

එම පුද්ගලයාට කැස්ස, හෙම්බිරිස්සාව ඇති නම් ඔවුන්ගේ චර්යාව ද තේරුම් ගැනීමට හැකි බවත් ඒ අයට විනයක් නැති බවද පවසයි.

නිවාස සංකීර්ණ වල, පිට්ටනිවල ගෙදර ළමයින් සෙල්ලම් කිරීමට යවන බැවින් ඔවුන් එවිට මාස්ක් නොදා යන බවද පවසයි.

ඒ අසල වයසක උදවිය මාස්ක් නැතිව සිටින බවත් ඒ මඟින් බෝ වීම පුදුමයක් නොවන බවද පෙන්වා දෙයි.

පාරක් බැලූ විට බොහෝ දෙනා මාස්ක් නොමැතිව සිටින බවත් ඒ දමා සිටින්නේත් නිසි ආකාරයෙන් නොවන බවත් පවසයි.

මාස්ක් යන්තරයක් නොවන බවත් එම නිසා නාසය සහ කට වසා නොගැනීම මඟින් රෝගය වැළදිය හැකි බවද අවධාරණය කරයි.

60%කට පමණක් රෝග ලක්ෂණ පෙන්වන බවත් තවත් පිරිසකට රෝග ලක්ෂණ නොපෙන්වන බවද වෛද්‍යවරයා පවසයි.

ඒ මහතා මෙම අදහස් දැක්වුයේ ඒෂියන් මිරර් සමඟ සාකච්ජාවකට එක්වෙමිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?