කොරෝනාවෙන් බේරෙන හොඳම ක්‍රමය ගැන ඔබ දැනුවත්ද?

කොරෝනා වෛරසයෙන් බේරීමට ඇති හොඳම ක්‍රමය වියදම් වැඩි පී.සී.ආර් පරික්ෂණවත් එසේ නැත්තම් රැපිඩ් ටෙස්ට්වත්, දැඩි සත්කාර ඒකක ඇඳන් වැඩි කිරීමවත්, වෙන්ටිලේටර්ස් දැමීමවත් නොව නාසය සහ කට වසාගෙන අත්දෙක පිරිසිදුව තියා ගැනීම කල යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නිරෝෂණ ප්‍රේමරත්න මහතා සඳහන් කරයි.

සාමාන්‍ය සර්ජිකල් මාස්ක් එකක 95%ක වැඩිය ආරක්ෂාවක් ඇති බවත් KN 95 මාස්ක් එකකින් ඊට වැඩිය ආරක්ෂාවක් ඇති බවත් මාස්ක් දෙකක් දැමීම මඟින් ඊට වඩා ආරක්ෂාවක් ලබා ගත හැකි බවත් ෆේස්ශිල්ඩ් එකක් දැමීම මඟින් එය ඊටත් වඩා ආරක්ෂාවක් ලැබෙන බව වෛද්‍යවරයා පවසයි.

හෙම්බිරිස්සාව, කැස්ස සමඟ රෝගීන් වාර්තා වන බවත් එම රෝගීන් වාර්තා වීම පුදුමයක් වන්නේ මාස්ක් වැනි දේ පැළදි සිටීම මඟින් එම රෝග වැළදීමේ හැකියාව නැති බැවිනි.

එම පුද්ගලයාට කැස්ස, හෙම්බිරිස්සාව ඇති නම් ඔවුන්ගේ චර්යාව ද තේරුම් ගැනීමට හැකි බවත් ඒ අයට විනයක් නැති බවද පවසයි.

නිවාස සංකීර්ණ වල, පිට්ටනිවල ගෙදර ළමයින් සෙල්ලම් කිරීමට යවන බැවින් ඔවුන් එවිට මාස්ක් නොදා යන බවද පවසයි.

ඒ අසල වයසක උදවිය මාස්ක් නැතිව සිටින බවත් ඒ මඟින් බෝ වීම පුදුමයක් නොවන බවද පෙන්වා දෙයි.

පාරක් බැලූ විට බොහෝ දෙනා මාස්ක් නොමැතිව සිටින බවත් ඒ දමා සිටින්නේත් නිසි ආකාරයෙන් නොවන බවත් පවසයි.

මාස්ක් යන්තරයක් නොවන බවත් එම නිසා නාසය සහ කට වසා නොගැනීම මඟින් රෝගය වැළදිය හැකි බවද අවධාරණය කරයි.

60%කට පමණක් රෝග ලක්ෂණ පෙන්වන බවත් තවත් පිරිසකට රෝග ලක්ෂණ නොපෙන්වන බවද වෛද්‍යවරයා පවසයි.

ඒ මහතා මෙම අදහස් දැක්වුයේ ඒෂියන් මිරර් සමඟ සාකච්ජාවකට එක්වෙමිනි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාවිච්චි කළ වාහන ගෙන්වන එකද ලාභ Brand New වාහන ගේන එකද ?
05:46
Video thumbnail
ශ්‍රී ලංකාව කලාපීය මූල්‍ය තාක්ෂණ මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතු බව සජිත් කියයි
02:47
Video thumbnail
ජල ගැල්මට ලක්වූ නිවාසවල ජනතාවට පිසු ආහාර ලබා දීමේ උතුම් ක්‍රියාව
01:59
Video thumbnail
මාරක අනතුරෙන් පසු එහි උණුසුම් තත්ත්වයක් - මූ හිඟාකන්න දාන්න ඕනි..කීදෙනෙක් මැ#ලද බලපන් ?
02:10
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
00:59
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34