Empty Ad
AFC Banner
Empty Ad

දුම්වැටි ගේන්නම සංචාරක වීසා ගෙන ඩුබායි ගිහිං ආ කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට

රුපියල් ලක්ෂ තිහක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක්, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, කටුනායක ගුවන් තොටුපළෙන් පිටකර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනකු අද (04) අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මොවුන් දෙදෙනා අතරින් එක් අයෙකු පොළොන්නරුව ප්‍රදේශයේ පදිංච් 32 හැවිරිදි කාන්තාවක් වන අතර අනෙක් තැනැත්තිය නාරම්මල ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණියක්.

මෙම දුම්වැටි තොගය රැගෙන ඒම සඳහා ම, සංචාරක වීසා යටතේ ඩුබායි බලා ගොස් තිබූ බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සිදු කළ මූලික විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

අද අලුයම 01.35ට ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 569 දරන ගුවන් යානයෙන් කටුනායක
සැකකාරියන් ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මළු තුළ, විදේශීය රටක නිෂ්පාදිත ප්ලැටිනම් වර්ගයේ දුම්වැටි 20,000 ක්අඩංගු දුම්වැටි කාටූන් 100ක් සඟවා ගෙන සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් සොයා ගනු ලැබුවා.

මේ වනවිට මොවුන් දෙදෙනා පොලිස් ඇප මත මුදා හැරීමට පියවර ගෙන ඇති අතර එළඹෙන හෙට (05) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?