Empty Ad
AFC Banner
Empty Ad

කොල්ලෙක්ට දණගස්වා අමානුෂික ලෙස පහර දුන් චණ්ඩියෝ කූඩුවට

පසුගියදා (20) කෑගල්ල – පිටිහුම ප්‍රදේශයේ දී බස් රථයක් එනතුරු රැඳී සිටි පාසල් සිසුවෙකුට එම ප්‍රදේශයේ ම ප්‍රසිද්ධ පිරිමි පාසලක ඉගෙන ගන්නා සිසුන් පිරිසක් විසින් දණගස්වා පහරදෙනු අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය වීමේ සිදුවීමට එරෙහිව පහරදුන් සිසුන් තිදෙනෙකු අද (26) අත් අඩංගුවට ගනු ලැබුවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ අදාළ සැකකාර සිසුන් විසින් පහරකෑමට ලක් වූ සිසුවා ව අතුරුමාර්ගයක දණ ගස්වා අමානුෂික අයුරින් පහර දී ඇති බවයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් 16 හැවිරිදි සැකකරුවන් තිදෙනෙක් කෑගල්ල පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මගින් අද දිනයේ දී අත් අඩංගුවට ගත් බවත් එලෙස පහරකෑමට ලක් ව ඇත්තේ දමුණුපොල ප්‍රදේශයේ සිසුවෙකුට බවත් වාර්තා වනවා.

සිද්ධියට පස්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සම්බන්ධ වී ඇති බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.

අනෙක් සැකකරුවන් දෙදෙනා සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මක අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට (27) කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
1
+1
11
+1
0
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?