උස්වැටකෙයියාව ඝාතන සිද්ධියට හතක් අල්ලයි

ජාඇල, උස්වැටකෙයියාව වෙරළේ දී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු පිරිස අතර කාන්තාවක් ද සිටින බවයි වාර්තා වන්නේ.

ඝාතනයට සම්බන්ධ වෙඩික්කරු සහ වෙඩි තැබීමේ ස්ථානයට ඔහුව ත්‍රිරෝද රථයකින් රැගෙන ආ පුද්ගලයා ද පොළොන්නරුව ප්‍රදේශයේ සැඟව සිටිය දී ඊයේ (24) අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයෙකුගේ මළ සිරුරක් උස්වැටකෙයියාව, මෝගන්වත්ත වෙරළ තීරයේ තිබී පසුගිය සිකුරාදා සොයා ගැණුනා.

මෙලෙස සොයාගත්තේ කඩවත ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි වියේ පසු වූ අයෙකුගේ මළ සිරුරක්.

මළ සිරුර ආසන්නයේ තිබී T-56 වර්ගයේ හිස් උණ්ඩ කොපු 09ක් සහ ජීව උණ්ඩයක් සොයා ගැනීමට පොලිසියට හැකියාව ලැබුණා.