AFC Banner
Empty Ad

අබිරහස් ලෙස මියගිය පුද්ගල මළසිරුරක් සොයා ගැනේ

කහටගස්දිගිලිය – කළුවරගස්වැව ප්‍රදේශයේ මාර්ගයක් අසල තිබී අබිරහස් ලෙස මියගිය පුද්ගල මළසිරුරක් සොයාගෙන තිබෙනවා.

අද (24) පෙරවරුවේ මෙම මළසිරුර සොයාගෙන ඇති බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

පොලිසියට ලද තොරතුරක් අනුව සිදුකළ සෝදිසියක දී එම පුද්ගල මළසිරුර සොයාගෙන ඇති අතර කහටගස්දිගිලිය – මහකිරිඉබ්බෑව මාර්ගයේ වංගුවක් සහිත ස්ථානයක තිබී එම මළසිරුර හමුවුණා.

මෙලෙස මියගොස් ඇත්තේ 50 හැවිරිදි එම ප්‍රදේශයේ ම පදිංචිව සිටි කුළුආරච්චිගේ සුනිල් නමැත්තෙක්.

මරණයට නිශ්චිත හේතුවක් මෙතෙක් හෙළි වී නැහැ.

කහටගස්දිගිලිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?