සැර කොරෝනා ප්‍රභේද පැතිරීම වේගවත් – මාසයක් ගෙදරම ඉන්නැයි රටටම දන්වයි

සැර කොරෝනා වයිරස ප්‍රභේද පැතිරෙමින් තිබෙන හෙයින් අඩු තරමින් මාසයක කාලයක් අනවශ්‍ය ගමන් බිමන්වලින් වැළකී සිය නිවෙස්වලට වී කාලය ගත කරන්නැයි මෙම නව කොරෝනා වයිරස ප්‍රභේද පිළිබඳව පරීක්ෂණ පවත්වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මෙම ඉන්දියානු හා බ්‍රිතාන්‍ය වයිරස ඉතා වේගයෙන් පැතිරෙන ප්‍රභේද දෙකක් බවත් බ්‍රිතාන්‍ය ප්‍රභේදයේ සංකූලතා වැඩි බවත් ඔහු හෙළි කළේය.

මෙම සැර කොරෝනා වයිරස ප්‍රභේද නිරෝධායන මධ්‍යස්ථාන ඇතුළු නිශ්චිත ස්ථාන කිහිපයකින් දැනට හමුවී ඇතත් මේවා සමාජයට පැතිර නොයා වී යයි සිතිය නොහැකි බව ද ඔහු අවධාරණය කළේය.

මොන සැර ප්‍රභේද ආවත් ඒවා තමන්ගේ ඇඟ ඇතුළට නොගැනීම සියලු දෙනාගේ වගකීමක් බව කී චන්දිම ජීවන්දර මහතා නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කිරීමෙන් වයිරස පරාජය කළ හැකි බවද කීවේය.

මේ අතර නව කොරෝනා වයිරස ප්‍රභේද හඳුනා ගැනීමේ ජාන විශ්ලේෂණ පරීක්ෂණ කටයුතු වේගවත් කර ඇතැයිද ඒ සඳහා අවශ්‍ය උපකරණ කට්ටල රැසක් ලබාගෙන ඇතැයි ද ජීවන්දර මහතා පැවසීය.

මුව ආවරණ නිසි පරිදි පැළඳීම, සබන් යොදා නිතර අත් සේදීම හා දෑත් පිරිසුදු කරන විසබීජහරණ දියර පාවිච්චිය කොරෝනා වයිරසයෙන් ගැලවීමට තිබෙන ප්‍රධාන මෙවලම් බවද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09