විදේශ ගමන් බලපත්‍ර එක්දින සේවය සඳහා පැය 24ක සේවයක් ක්‍රියාත්මක කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඒ සඳහා ලියාපදිංචි කිරීම සතියේ සෑම සඳුදා දිනක ම සිදු කරන බවයි නිවේදනයේ දැක්වෙන්නේ.
ඒ අනුව සතියෙ සෑම සඳුදා දිනක ම පෙරවරු 06 සිට සිකුරාදා මධ්‍යාහ්න 12 තෙක් පමණක් මෙම එක්දින සේවය සඳහා ලියාපදිංචි කිරීම් සිදු කරන බවත් නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.
බී.එම්.ඩී. නිලූෂා බාලසූරිය වන ආගමන විගමන පාලක වැඩබලන ජනරාල්වරිය විසිනුයි අදාළ නිවේදනය සිය අත්සනින් යුතුව නිකුත් කරනු ලැබුවේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1





