විද්‍යා ඝාතන නඩුවේ චෝදනාවකට හිටපු ජ්‍යේෂ්ඨ නි.පොලිස්පතිවරයෙක්ට සිර දඬුවම්

විද්‍යා ඝාතන නඩුවට සම්බන්ධ හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සිව් වසරක බරපතළ වැඩ සහිත ව සිරදඬුවම් නියම කර තිබෙනවා.

යාපනය පුන්කුඩතිව්හි ශිවලෝහනාදන් විද්‍යා දැරියගේ ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු පළමුව මුදාහැරි බවට චෝදනා එල්ල වූ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාට එරෙහිව සිරදඬුවම් වව්නියාව මහාධිකරණ විනිසුරු එම්.එම්. මිහාල් මහතා විසින් ඊයේ (20) දිනයේ දී නිකුත් කරනු ලැබුවා.

මීට අමතරව ලලිත් ජයසිංහ මහතාට රුපියල් 50,000ක දඩයක් නියමකර ඇති අතර, එය නොගෙවන්නේ නම් තවත් මාස 6ක ලිහිල් වැඩ ඇතිව සිර දඬුවමක් ද නියම කිරීමටයි වව්නියාව මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ.

ඊට අමතරව සිරිගජන් නමැති පොලිස් නිලධාරීවරයාට ද බරපතළ වැඩ සහිතව වසර 4 ක් සිරදඬුවම් නියම කෙරුණු අතර ඔහු මේ වන විට රටින් පැන ගොස් ඇති හෙයින් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නියම කිරීමට ද වව්නියාව මහාධිකරණ විනිසුරුවරයා පියවර ගත්තා.

යාපනයේ පාසල් සිසුවියක වන සිවලෝගනාදන් විද්‍යා 2015 වසරේ වසරේ දී පැහැරගෙන ගොස් දූෂණය කර ඝාතනය කරනු ලැබූ අතර එම සිද්ධිය එවකට දැඩි ආන්දෝලනාත්මක ප්‍රවෘත්තියක් වුණා.

එම ඝාතන චෝදනාවට වරදකරු කෙරුණු විත්තිකරුවන් 07 දෙනෙකුට යාපනය මහාධිකරණය විසින් මේ වනවිට මරණීය දණ්ඩනය නියම කර තිබෙනවා.

එම ඝාතන නඩුවේ ප්‍රධන සැකකරු වූ සුවිස් කුමාර් නමැත්තා අත්අඩංගුවට ගෙන මුදාහැරීමේ චෝදනාවට හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙලෙස වරදකරු වීම හේතුවෙන් බරපතළ වැඩ සහිතව සිරදඬුවම් නියම කිරීමටයි පියවර ගැනුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23