කටාර් රාජ්‍ය නායකයා ඉන්දියාවේ සංචාරයක

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ කටාර් රාජ්‍යයේ නායක එමීර් තමීම් බින් හමාඩ් අල් තානි අතර නිල හමුවක් සිදු වුණා.

ඒ නවදිල්ලියේ හයිද්‍රාබාද් මන්දිරයේදියි.

දෙපාර්ශ්වය අතර ඉහළ පෙළේ ද්විපාර්ශ්වික සබඳතා හුවමාරු කරගැනීම සම්බන්ධ‍යෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.

ජනාධිපති ද්‍රෞපදී මුර්මු විසින් කටාර් රාජ්‍ය නායකයාව පිළිගනු ලැබුවා.

කටාර් එමීර්වරයා අමාත්‍යවරුන් සමඟ ද අදහස් හුවමාරු කර ගත් බවයි වාර්තා වන්නේ.

විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා ද කටාර්හි එමීර්වරයා හමු ව දෙරටේ විදේශීය කටයුතු සහ වෙළෙඳ කටයුතු සම්බන්ධයෙන් ද පුළුල් ලෙස සාකච්ඡා කර තිබෙනවා.

කටාර් රාජ්‍ය නායකයා මීට පෙර ඉන්දියාවට පැමිණ ඇත්තේ 2015 වර්ෂයේ මාර්තු මාසයේදියි.

කටාර්හි වෙසෙන ඉන්දියානු ප්‍රජාව රටේ විශාලතම විදේශික ප්‍රජාව වන අතර කටාර්හි ප්‍රගතිය සහ සංවර්ධනය සඳහා ධනාත්මක දායකත්වයක් ලබාදීම අගය කරනු ලබන බව කටාර් රාජ්‍යය නිවේදනයේ සඳහන් වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහර සිදුවීම ගැන ආණ්ඩුවේ ප්‍රබලයෙක් කට අරියි - පහුගිය දේශපාලනයයි, පාතාලයයි එකතුවෙලා කරන වැඩ මේ ?
03:26
Video thumbnail
වත්තේ ඉපදිච්ච නිසා අපි වත්තෙද වැඩ කරන්න ඕනි
01:58
Video thumbnail
ආණ්ඩුවට ගන්නා වී සහල් කිරීමට විශාල වී මෝලක් හදනවා අපි
04:59
Video thumbnail
බස් රථයක් යතුරුපැදියක ගැටී සිදූවූ අනතුර
01:10
Video thumbnail
කෘෂිකර්මාන්තය විනාශ කරන දාර පණුවෝ දෙන්නා ඇමතියයි, නි.ඇමතියයි - ශුක්‍රාණු යවන්න ඕනි රට
07:07
Video thumbnail
රජය, ඇමතිලා ඉන්නේ පිස්සු නටන්න නෙවෙයි - ඇමතිලා බයිලා කියන්නේ
11:00
Video thumbnail
අන්තරේට අගමැතිගෙන් යහපත් ප්‍රතිචාරයක් ? - මේවට කුඩම්මගේ සැලකිලි තියෙන්නේ
08:05
Video thumbnail
දෙයියන්ගෙම පිහිටයි සජිත් ප්‍රේමදාසට - ප්‍රසාද්ට කට උත්තර නැතිකළ බිමල්
01:17
Video thumbnail
Dasatha Vimasuma| මාලිමාව නියමයි..මම දුන්නෙත් මාලිමාවට දෙන්නෙත් මාලිමාවට..මාව මැ#වත් කමක් නෑ
01:40
Video thumbnail
මන්ත්‍රී කෙනෙක් පළාතටවත් ආවේ නෑ - ඡන්දවලට එනවා..ආපු ගංවතුරට අපේ ගෙවල් ගන්න දෙයක් නෑ
07:53