AFC Banner
AFC Banner
Empty Ad

කටාර් රාජ්‍ය නායකයා ඉන්දියාවේ සංචාරයක

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ කටාර් රාජ්‍යයේ නායක එමීර් තමීම් බින් හමාඩ් අල් තානි අතර නිල හමුවක් සිදු වුණා.

ඒ නවදිල්ලියේ හයිද්‍රාබාද් මන්දිරයේදියි.

දෙපාර්ශ්වය අතර ඉහළ පෙළේ ද්විපාර්ශ්වික සබඳතා හුවමාරු කරගැනීම සම්බන්ධ‍යෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.

ජනාධිපති ද්‍රෞපදී මුර්මු විසින් කටාර් රාජ්‍ය නායකයාව පිළිගනු ලැබුවා.

කටාර් එමීර්වරයා අමාත්‍යවරුන් සමඟ ද අදහස් හුවමාරු කර ගත් බවයි වාර්තා වන්නේ.

විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා ද කටාර්හි එමීර්වරයා හමු ව දෙරටේ විදේශීය කටයුතු සහ වෙළෙඳ කටයුතු සම්බන්ධයෙන් ද පුළුල් ලෙස සාකච්ඡා කර තිබෙනවා.

කටාර් රාජ්‍ය නායකයා මීට පෙර ඉන්දියාවට පැමිණ ඇත්තේ 2015 වර්ෂයේ මාර්තු මාසයේදියි.

කටාර්හි වෙසෙන ඉන්දියානු ප්‍රජාව රටේ විශාලතම විදේශික ප්‍රජාව වන අතර කටාර්හි ප්‍රගතිය සහ සංවර්ධනය සඳහා ධනාත්මක දායකත්වයක් ලබාදීම අගය කරනු ලබන බව කටාර් රාජ්‍යය නිවේදනයේ සඳහන් වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?