ශූරයින්ගේ කුසලානයේ සමාරම්භක තරගයේ ජය කිවියන්ට

2025 ශූරයින්ගේ කුසලානයේ පළමු ජයග්‍රහණය සමාරම්භක තරගයේ දී ම තමන් සතු කරගන්නට නවසීලන්ත කණ්ඩායම ඊයේ (19) සමත් වුණා.

තරගාවලියේ සත්කාරකත්වය දරන පාකිස්තානයේ කරච්චි නුවර දී ඊයේ පස්වරු 2.30ට පාකිස්තානය සමගින් කිවි සටන ඇරඹුණේ කාසියේ වාසිය ද සත්කාරකයින් වෙත නතු කරමින්.

කෙසේවෙතත් කාසියේ වාසිය දිනූ පාකිස්තාන නායක මොහොමඩ් රිස්වාන්ගේ ඇරයුම මත නවසීලන්තය පළමු ව පිතිකරණයට පැමිණියා.

පාකිස්තාන පන්දු යවන්නන් හට අනුකම්පා විරහිතව පහර දුන් නවසීලන්ත පිතිකරුවෝ පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 05ක් දැවී දැවැන්ත ලකුණු 320ක් ලබාගත්තා.

එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ නොදැවී ලකුණු 118ක් රැස් කළේ හතරේ පහර 10ක් සහ හයේ පහර 03ක් ද එල්ල කරමින්.

මීට අමතරව තවත් එක් ශතකයක් කිවි ලකුණු පුවරුව ඉදිරියෙන් තමන් නමින් ලියාගත් විල් යන්ග් ලකුණු 107ක් රැස් කළා.

ග්ලේන් පිලිප්ස් ලකුණු 61යි.

කඩුලු බිඳ දැමීමේ දී පාකිස්තානය වෙනුවෙන් නසීම් ෂා සහ හාරිස් රවුෆ් කඩුලු 02ක බැගින් සහ එක් කඩුල්ලක් අබ්‍රාර් අහමඩ් බිඳ හෙලුවා.

ජයග්‍රහණයට ලකුණු 321ක ඉලක්කයක් හඹා ගිය පාකිස්තානය සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 260ක් පමණි.

කුෂ්ඩිල් ෂා ලකුණු 69ක් සහ බාබර් අසාම් ලකුණු 64ක් රැස් කළා.

සල්මන් අගා ලකුණු 42යි.

කඩුලු බිඳ දැමීමේ දී විල් ඕරෞකි සහ මිචෙල් සැන්ට්නර් කඩුලු 03 බැගින් බිඳ හෙලුවා.

මැට් හෙන් රි කඩුලු 02යි.

එක් කඩුල්ල බැගින් නෙතන් ස්මිත් සහ බ්‍රේස්වෙල් විසින් බිඳ දැමුවා.

තරගයේ වීරයා සම්මානය නවසීලන්තය වෙනුවෙන් නොදැවී ලකුණු 118ක් ලබාගත් ටොම් ලැතම්ට හිමිවුණා.

චැම්පියන්ස් කුසලානයේ දෙවැනි තරගය අද ඩුබායි හි දී බංග්ලාදේශය සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27