ශූරයින්ගේ කුසලානයේ සමාරම්භක තරගයේ ජය කිවියන්ට

2025 ශූරයින්ගේ කුසලානයේ පළමු ජයග්‍රහණය සමාරම්භක තරගයේ දී ම තමන් සතු කරගන්නට නවසීලන්ත කණ්ඩායම ඊයේ (19) සමත් වුණා.

තරගාවලියේ සත්කාරකත්වය දරන පාකිස්තානයේ කරච්චි නුවර දී ඊයේ පස්වරු 2.30ට පාකිස්තානය සමගින් කිවි සටන ඇරඹුණේ කාසියේ වාසිය ද සත්කාරකයින් වෙත නතු කරමින්.

කෙසේවෙතත් කාසියේ වාසිය දිනූ පාකිස්තාන නායක මොහොමඩ් රිස්වාන්ගේ ඇරයුම මත නවසීලන්තය පළමු ව පිතිකරණයට පැමිණියා.

පාකිස්තාන පන්දු යවන්නන් හට අනුකම්පා විරහිතව පහර දුන් නවසීලන්ත පිතිකරුවෝ පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 05ක් දැවී දැවැන්ත ලකුණු 320ක් ලබාගත්තා.

එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ නොදැවී ලකුණු 118ක් රැස් කළේ හතරේ පහර 10ක් සහ හයේ පහර 03ක් ද එල්ල කරමින්.

මීට අමතරව තවත් එක් ශතකයක් කිවි ලකුණු පුවරුව ඉදිරියෙන් තමන් නමින් ලියාගත් විල් යන්ග් ලකුණු 107ක් රැස් කළා.

ග්ලේන් පිලිප්ස් ලකුණු 61යි.

කඩුලු බිඳ දැමීමේ දී පාකිස්තානය වෙනුවෙන් නසීම් ෂා සහ හාරිස් රවුෆ් කඩුලු 02ක බැගින් සහ එක් කඩුල්ලක් අබ්‍රාර් අහමඩ් බිඳ හෙලුවා.

ජයග්‍රහණයට ලකුණු 321ක ඉලක්කයක් හඹා ගිය පාකිස්තානය සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 260ක් පමණි.

කුෂ්ඩිල් ෂා ලකුණු 69ක් සහ බාබර් අසාම් ලකුණු 64ක් රැස් කළා.

සල්මන් අගා ලකුණු 42යි.

කඩුලු බිඳ දැමීමේ දී විල් ඕරෞකි සහ මිචෙල් සැන්ට්නර් කඩුලු 03 බැගින් බිඳ හෙලුවා.

මැට් හෙන් රි කඩුලු 02යි.

එක් කඩුල්ල බැගින් නෙතන් ස්මිත් සහ බ්‍රේස්වෙල් විසින් බිඳ දැමුවා.

තරගයේ වීරයා සම්මානය නවසීලන්තය වෙනුවෙන් නොදැවී ලකුණු 118ක් ලබාගත් ටොම් ලැතම්ට හිමිවුණා.

චැම්පියන්ස් කුසලානයේ දෙවැනි තරගය අද ඩුබායි හි දී බංග්ලාදේශය සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.21
00:00
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46
Video thumbnail
සොයිසාපුර වෙ# තැබීම දුටු සේවකයෙක් හෙළිකළ දේ - "මහත්තයට දුවාගන්න බැරිවුණා..දුවනකොට වැදුණා"
02:21
Video thumbnail
භික්ෂු විරෝධතාවය මහසොන් දේවතාව ගෙන්නයි - මිනිස්සුන්ට බැරි වැඩ අදෘශ්‍යමාන බලවේගවලින් කරවනවා
05:44
Video thumbnail
මේ ඉන්නේ දුටුගැමුණු රජතුමාගේ අම්මගේ භූමියේ - බුදු රජාණන්වහන්සේ දුන්න චීවරය අනුරට ගලවන්න අයිතියක් නෑ
06:09