හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා ඝාතනය ගැන අධිකරණ වෛද්‍ය නිලධාරී දුන් සාක්ෂිය

හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා ඝාතනය කිරීමේ අරමුණින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බෝම්බකාරියගේ හිස; අසල තිබූ ගසක එල්ලෙමින් තිබූ බවත්, ඇයගේ පාද දෙක; අසල වෙනත් ස්ථානයක තිබූ බවත් දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු ලෙස රාජකාරී කටයුතු කළ විශ්‍රාමික විශේෂඥ අධිකරණ වෛද්‍ය කේ. සුනිල් කුමාර මහතා අද (17) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ සාක්ෂි ලබාදෙමින් ප්‍රකාශ කළා.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කරන ලද නියෝගයක් මත තමන් එම ස්ථානයේ නිරීක්ෂණය කළ බවත් එහිදී එම බෝම්බකාරියගේ ශරීරයේ අනෙකුත් කොටස් ඒ අවට විසිරී තිබූ බවත් ඒ අනුව යම් පීඩන බෝම්බයක් යමකුගේ ශරීරයට සවිකර තිබියදී පුපුරා යන විට වැඩියෙන්ම හානි සිදුවනුයේ බෝම්බය සවිකර ඇති ප්‍රදේශයට වන්නේ යැයි ද සාක්‍ෂිකරු අධිකරණයේ හමුවේ සාක්ෂි ලබා දෙමින් පැවසුවා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මාලි කරුණානායක මහත්මියගේ මෙහෙයවීම යටතේ සාක්ෂිකරු අද දින අධිකරණය හමුවේ එලෙස සාක්ෂි ලබා දුන්නා.

එම වෛද්‍යවරයා විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කොට තිබූ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා ඇතුළු ගොනුව මහාධිකරණයේ නියෝග පරිදි මහාධිකරණයට කැඳවා තිබූ නමුත් අද දින එම සාක්ෂි විභාගය විවෘත අධිකරණයේ හමුවේ පැවති අවස්ථාවේ දී අදාළ වෛද්‍ය වාර්තාව යම් අතපසුවීමක් නිසා සොයා ගැනීමට නොහැකි බවට වන කරුණ පිළිබඳ ව අවධානය යොමු කර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය එය සොයාගන්නා තෙක් පැමිණිල්ලේ නඩු ගොනුවේ හා සාක්ෂිකාර වෛද්‍යවරයා සන්තකයේ තිබූ වෛද්‍ය වාර්තා සසඳා ඡායා පිටපත් මගින් නඩු විභාගය ඉදිරියට පවත්වාගෙන යාමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියා.

එම ඉල්ලීම සම්බන්ධයෙන් පළමු වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරංග බණ්ඩාර මහතා විරුද්ධත්වය දැක්වූ අතර එම වෛද්‍යවරයාට අධිකරණය හමුවේ පෙනී සිට සාක්ෂි ලබාදෙන අවස්ථාවේ දී එම විරුද්ධත්වයක් දැක්වීම නුසුදු ක්‍රියාවක් වන්නේ යැයි එහිදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට පෙන්වා දුන්නා.

එම කරුණු සලකා බැලූ විනිසුරුවරයා විත්තියේ ඉල්ලීම ප්‍රතික්ෂේප කොට පැමිණිල්ලට ඒ සඳහා අවසර ලබා දුන් බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

ඉකුත් 2006 ජනවාරි 25 වැනිදා යුද හමුදා මූලස්ථානයේ පිවිසුම් දොරටුව අසල දී එවකට යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කළ සරත් ෆොන්සේකා මහතා ඝාතනය කිරීමේ අරමුණින් එල්.ටී.ටී.ඊ. බෝම්බකාරියක වන දුර්ගා නමැත්තිය සිදුකළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය හේතුවෙන් සරත් ෆොන්සේකා මහතා බරපතළ තුවාල ලබා තිබූ අතර ඔහුගේ ආරක්ෂාවට යොදවා සිටි යුද හමුදා සැරයන්වරයකු, කෝප්‍රල්වරුන් තිදෙනෙකු ඇතුළු යුද හමුදා සෙබළුන් කිහිපදෙනෙකු මිය ගොස් තවත් බට පිරිසක් තුවාල ලැබුවා.

ඒ අනුව මෙම විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 230ක් යටතේ මෙම නඩුව ගොනු කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39