ලේ වමනය දා මියගිය තරුණයාගේ සිද්ධියට ඇල්ලූ පොලිස් කොස්තාපල්වරුන්ට ඇප

වාද්දුව පොලිසිය විසින් ඇප මත මුදා හරින ලද සැකකරුවෙකු ලේ වමනය කර, මියයෑමේ සිද්ධියට එරෙහිව ඊයේ (12) දිනයේ දී අත් අඩංගුවට ගන්නා ලද පොලිස් කොස්තාපල්වරු සිව්දෙනාට ඇප හිමි ව තිබෙනවා.

අද (13) පස්වරුවේ අදාළ සැකකාර පොලිස් කොස්තාපල්වරු සිව්දෙනා පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයෙකු රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප මත මුදා හැරීමටයි පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් චම්පික රාජපක්ෂ මහතා නියෝග කළේ.

ඒ අනුව මෙම නඩුව නැවත මේ මස 17 වැනිදා නැවත කැඳවීමට නියමිතයි.

පෙරේදා (11) දිනයේ දී වාද්දුව ප්‍රදේශයේ ම පදිංචිකරුවෙකු අත් අඩංගුවට ගෙන තිබූ අතර හෙතෙම පොලිස් ඇප මත නිදහස් කෙරුණා.

නමුත් ඔහු නිදහස් ව පැමිණීමෙන් අනතුරුව ලේ වමනය කිරීමෙන් පසු රෝහල්ගත කෙරුණු බවත් ඉන් අනතුරුව ජීවිතක්ෂයට පත් ව ඇති බවයි වාර්තා වූයේ.

මෙම සිදුවීමට එරෙහිව එම තරුණයාගේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් එක් ව වාද්දූව පොලිස් ස්ථානය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වූවා.

ඉන් අනතුරුවයි අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කර සැකකරුවන් ලෙස පොලිස් කොස්තාපලවරුන් සිව්දෙනෙකු අත් අඩංගුවට ගත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40