AFC Banner
AFC Banner
Empty Ad

ලේ වමනය දා මියගිය තරුණයාගේ සිද්ධියට ඇල්ලූ පොලිස් කොස්තාපල්වරුන්ට ඇප

වාද්දුව පොලිසිය විසින් ඇප මත මුදා හරින ලද සැකකරුවෙකු ලේ වමනය කර, මියයෑමේ සිද්ධියට එරෙහිව ඊයේ (12) දිනයේ දී අත් අඩංගුවට ගන්නා ලද පොලිස් කොස්තාපල්වරු සිව්දෙනාට ඇප හිමි ව තිබෙනවා.

අද (13) පස්වරුවේ අදාළ සැකකාර පොලිස් කොස්තාපල්වරු සිව්දෙනා පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයෙකු රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප මත මුදා හැරීමටයි පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් චම්පික රාජපක්ෂ මහතා නියෝග කළේ.

ඒ අනුව මෙම නඩුව නැවත මේ මස 17 වැනිදා නැවත කැඳවීමට නියමිතයි.

පෙරේදා (11) දිනයේ දී වාද්දුව ප්‍රදේශයේ ම පදිංචිකරුවෙකු අත් අඩංගුවට ගෙන තිබූ අතර හෙතෙම පොලිස් ඇප මත නිදහස් කෙරුණා.

නමුත් ඔහු නිදහස් ව පැමිණීමෙන් අනතුරුව ලේ වමනය කිරීමෙන් පසු රෝහල්ගත කෙරුණු බවත් ඉන් අනතුරුව ජීවිතක්ෂයට පත් ව ඇති බවයි වාර්තා වූයේ.

මෙම සිදුවීමට එරෙහිව එම තරුණයාගේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් එක් ව වාද්දූව පොලිස් ස්ථානය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වූවා.

ඉන් අනතුරුවයි අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කර සැකකරුවන් ලෙස පොලිස් කොස්තාපලවරුන් සිව්දෙනෙකු අත් අඩංගුවට ගත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රොෂාන් රණසිංහ ආණ්ඩුවේ රෙදි ගලවයි - හැමදාම බොරුම කිය කිය යන්න බෑ
04:47
Video thumbnail
ඕකට වඳුරෝ විතරක් නෙමේ ගැරඬි උගුඩුවොත් රිංගුවා
05:09
Video thumbnail
මහින්දගේ විජේරාම ගෙදර වතුර කපලා දායි - මහින්දගේ පැත්තෙන් කියන කතාව මෙන්න
04:35
Video thumbnail
නීතිපති කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්
01:31
Video thumbnail
ආණ්ඩුවට වැටෙන්න යන ලොකුම ලෙඩේ මෙන්න
50:03
Video thumbnail
කෙහෙළියගේ බාල වැඩවලට අධිචෝදනා ගොනු කරන්න - සංජය මහවත්ත (සිවිල් සමාජ ක්‍රියාකාරි)
04:00
Video thumbnail
රිලා ප්‍රශ්නය විසඳන එක සුළු දෙයක් - ලාල් කාන්තට ඇඬෙන්න දුන්නු උත්තරය
10:22
Video thumbnail
"ඔබේ ආයතනයත් මෙතන තියෙනවද බලන්න " - දුමින්ද නාගමුව - ජන අරගල ව්‍යාපාරය
12:42
Video thumbnail
BREAKING NEWS 🔴 ලෑන්ඩ් කෘෂර් සිද්ධියට සුජීව අදත් උසාවියට
03:33
Video thumbnail
ගම්වල මෝඩයෝ ගිහිං ගෙවල් ගිනි තිබ්බා - අසේල සම්පත්ට නහුතෙටම තදවෙයි
14:11

?