වැව් බැම්ම තුළට ගිලී ගිය ඇතින්න

රඹෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කෑදෑව, ඉහළගම ප්‍රදේශයේ ඉහළගමවැවේ ඊයේ (10) පස්වරුවේ වැව් බැම්ම කඩාගෙන ඇතින්නක් වැටී අනතුරකට ලක්වීමේ පුවතක් වාර්ත වුණා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; ඉකුත් වැසි සමයේ ඉහළගම වැවේ සොරව්ව අසල ජල කාන්දුවක් සහිත උමඟක් නිර්මාණය වී තිබූ බවත් එය ගම්මුන් විසින් අමු පස් යොදා ගොඩ කරන ලද බවයි.

මෙම ඇතින්න එම ස්ථානයෙන් ඊයේ පස්වරු 5.00ට පමණ ඉහළගම වැවෙන් ජලය බී ඒ අසල වූ කුඹුරු යාය වෙත ගොඩවීම සඳහා වැවෙන් එගොඩ වීමට උත්සාහ කර ඇති අවස්ථාවේදියි වැව් බැම්ම කඩාගෙන ගිලා බැස ඇත්තේ.

අලුතින් දැමූ පස් නිසා වැව් බැම්ම මත විශාල වළක් ලෙස සෑදී එම ඇතින්න ඊට ඇද වැටී තිබෙනවා.

අනුරාධපුර වනජීවී කාර්යාලයේ අඩඩි නිලධාරී ඇතුළු පිරිසක් පැමිණ ඇතින්න ගොඩට ගැනීම සඳහා විශාල පරිශ්‍රමයක් දැරීමට සිදු වූ බවත් පැය ගණනාවක මෙහෙයුමකින් අනතුරුව ස්ක්‍රැවේටර් යන්ත්‍රයක් යොදා වළේ
එරුණු ඇතින්න ගොඩට ගැනීම සිදු වූ බවත් වාර්තා වනවා.

මේ වනවිට එරුණු ඇතින්න මුදාගෙන ඇති බවත් නමුත් සත්ත්වයාගේ සෞඛ්‍ය තත්ත්වය එතරම් සුව නොවන බැවින් එම ස්ථානයේ තබා ප්‍රතිකාර කරන බව ද පැවසෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
5
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52